මිරිස් වගාවට කෘෂි උපදෙස්

ශ්‍රී ලංකාවේ වගා කරන කුළුබඩු බෝග අතුරින් මිරිස් වලට ලැබෙනුයේ  අද්විතීය ස්ථානයකි. වියළි කාළගලගුණික තත්ව යටතේ වැඩි අස්වනු  ලැබිය හැකි වගාවක් වන මිරිස්, ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයන්හි ඉතා හොඳින් වගා කළ හැකිය.


පාංශු හා දේශගුණික අවශ්‍යතා

හොඳින් ජල  වහනය සිදුවන ගැඹුරු කාබනික ද්‍රව්‍යයන්ගේන්  පොහොසත් වැලි සහිත ලෝම පස මිරිස් වගාවට බෙහෙවින් උචිතය. සෙන්ටිග්‍රේට් 21*-27* දක්වා ප්‍රශස්ථ උෂ්ණත්වය එක වඩාත් සාර්ථක වගාවකට හේතුවන අතර පැතිරුණු වර්ෂාපතනයක් සහිත වියළි කාළගුණය  රෝග හා පළිබෝධ හානි අඩු කිරීමටද හේතු වේ.


වගා කළ යුතු  කාලය

අහස් දියෙන් පමණක් මිරිස් වගා කරන්නේ නම් මහ කන්නයේ සැප්තැම්බර්- ඔක්තෝම්බර් වැසි ආරම්භයත් සමග වගා  කටයුතු ආරම්භ කළ යුතු වේ. බොහෝ විට හේන් ආශ්‍රිත මිරිස් වගාව සඳහා මහකන්නයේදී දෙසැම්බර් සහ යල කන්නයේදී මාර්තු සහ අප්‍රේල් මාස වඩා සුදුසු වේ. ඉහළ අස්වැන්නක්  මෙන්ම හොඳ මිලක් ලබා ගැනීම සඳහා වගා කාලය ඉතා වැදගත් වේ. මිරිස් මිලෙහි වැඩි වීම පෙන්නුම් කරන කාල පරිච්ඡේදයයන්හි අස්වනු වෙළඳපලට යවියහැකි සේ  සැලසුම් කල හැකි නම්  වැඩි අදායමක් ලබා ගත හැකිය.


නිරෝගී පැළ ලබා ගැනීම 

සිටවීම සඳහා දින 25- 30ත් අතර වයසේ  නීරෝගී පැල ලබා ගැනීම මගින් හොඳ මිරිස් වගාවක් ස්ථාපනය කළ හැකි වේ.  අක්කරයක් සිටවීම සඳහා මිරිස් බීජ ග්‍රෑම් 400ක් තවාන් කිරීම හොදටම ප්‍රමානවත්ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති නිවැරදි තවාන් තාක්ෂණය අනුගමනයෙන් නිරෝගී පැළ ලබාගත හැකිවේ.


හිරු එළිය හොඳින් ලැබෙන ජලවහනය හොඳින් සිදුවන ගැඹුරු පසක් සහිත ස්ථානයක් තෝරාගැනීම, තවාන් ජීවාණුහරණය කිරීම, බීජ ප්‍රතිකාරය යෙදීම් හා නියමිත බීජ ප්‍රමාණය පේලි  ආකාරයෙන් වැපිරීම මෙහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු  කිහිපයකි. බොහෝ ගොවීන්ගේ මිරිස් තවාන් අසාර්ථක  වීමටත්    තවාන්වල  රෝග හා පළිබෝධ හානි ඇතිවීමටත්  මූලික හේතුව වනුයේ මෙම කරුණු වලින් පරිබාහිරව කටයුතු කිරීමයි.


ශේෂත්රය පිළියෙළ කිරීම

බිම් සැකසීම අරම්භයට පෙර සියළු  වල් පැල මර්දනය කොට ක්‍රේෂ්ත්‍රයේ සකස් කිරීම මගින් සර්ථක වගාවකට හොද අත්තිවාරමක් සපයයි. එමගින් මිරිස් පැල හා වල් පැළ අතර තරගය අඩු වනවා පමණක් නොව වල් මර්දනය සදහා වැයවන විශාල මුදලක් ඉතිරි කරදේ. ගැඹුරට පස් පෙරලීම ජලවහන තත්වය දිඋණු කිරීම මගින් සිටුවීමට හොද මද්ධ්‍යක් සකස් කිරීම ඉතා වැදගත්ය. කාබනික පොහොර පසට එක් කිරීම හා මුලික රසායනික පොහොර යෙදීම මගින් වගාවේ වර්ධනයට හොද ආරම්භයක් ලබා දේ. සාන්ද්‍රසුපර් පොස්පෙට් කිලෝ ග්‍රෑම් 40ක් හා මියුර්යේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම් 20ක් අක්කරයක් සදහා මුලික රසායනික පොහොර ලෙස යෙදිය හැක. පැළ සිටවිමට දින 2-3 කට පෙර මුලික පොහොර යෙදීමත් එම අවස්ථාවේ පසේ තෙතමනය තිබීමත් මෙහිදී වැදගත්වේ.


පැළ සිටුවීම

ජලසම්පාදන තත්ත්ව යටතේ මිරිස් වගා කිරීමේදී පැළ අතර සෙ.මි.45ක් හා පේලි අතර සෙ.මි.60ක පරතරයක් තබා එක් වලකට පැළ 02ක් වන සේ සිටුවීම කල හැක. එහෙත් වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ පමණක් වග කරයි නම් මෙම පරතරය සෙ.මි. 45ක් සහ සෙ.මි. 30ක් ලෙස අඩු කල යුතුය. පැළ සිටුවීමේදී  ජලසම්පාදනය කල හැකිනම් පැළ මියයාම අවම කර ගත හැකි වේ. දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට ළපටි පැළ  ආවරණය කළ හැකි නම්  වඩාත් යෝග්‍ය  වේ. පැළ හොදින් ස්ථාපනය වන තෙක් හොද පාංශු තෙතමන තත්වයක් පවත්වා ගැනීම වැදගත් වේ.


ජල සම්පාදනය හා පොහොර යෙදීම

මුල් කාලයේදී දින 3-4කට වරක් ජල සම්පාදනය කල යුතු වුවත් වගාව හොදින් වර්ධනය වූ පසු දින 6-7කට වරක් වුවද ජල සම්පාදනය කිරීම ප්‍රමාණවත්ය. එහෙත් මෙම තත්වය පසේ රදන ජල ප්‍රමාණය අනුවත් පරිසරයේ වියළි තත්වය අනුවත් වෙනස් වීමට පුළුවන. වීශේෂයෙන් මල් හට ගන්නා කාලයේදී ජල හිගත්වයක් ඇති වීමෙන් අස්වනු අඩු විය හැක. සිටුවා සති දෙකේදී හා සති 4දි පළමු හා දෙවන මතුපිට පොහොර ලෙස පිලිවෙළින් අක්කරයට කි.ග්‍රෑම් 40ක් හා 50ක් යුරියා යෙදීම කල යුතු වේ. සිටුවා සති අටක් පමණ වන විට තෙවන හා දෙවන මතුපිට පොහොර යෙදීම කල යුතුය. 


මේ සදහා යුරිය කිලෝ ග්‍රෑම් 50ක් හා මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම් 20ක් මිශ්‍ර කර අක්කරයක් සදහා යෙදිය හැක. සිව්වන හා පස්වන මතුපිට පොහොර දීමේදී සිටුවා සති 16දි අක්කරයට යුරිය කිලෝ ග්‍රෑම් 50ක් බැගින් වරකට යෙදිය යුතු වේ. වෙළදපොළට ජනප්‍රිය වී ඇති දියර පොහොර හා විවිධ හෝමෝන වර්ග දීමට ගොවින්ගේ වැඩි නැබුරුවක් මෑතක සිට දක්නට ලැබේ. එමගින් ඔවුන් අපේක්ෂා කරනුයේ හොද වර්ධනයක් හා වැඩි අස්වැන්නකි. එහෙත් නියමිත ප්‍රමිතියෙන් තොර වූ ද්‍රව්‍ය යෙදීමෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම් නිසා බලාපොරොත්තු නොවන හානි සිදුවීමට ඉඩ ඇති බවත් මතක තබා ගත යුතුය. වල් පැළ මර්දනය කිරීම හා වරින්වර පැළ අවට පස බුරුල් කිරීම මගින් හොද වර්ධනයක් අපේක්ෂා කල හැකි වේ. ජල සම්පාදනයෙන් පසු අතින් වල් නෙලීම මගින් සාර්ථක ලෙස වල් පැළ  මර්දනය කල හැක.


රෝග හා පලිබෝධ පාලනය 

රෝග 

කොල පුල්ලි රෝගය 

රිකිලි කුණුවීම 

ඇන්ත්‍රැක්නෝස් 

පාදස්ථ කුණුවීම 

යන ප්‍රදාන දීලිර රෝග නිසා මිරිස් අස්වැන්න අඩු වීම හා ගුණාත්මයට හානි සිදුවිය හැක. විශේෂයෙන් වර්ෂාව පවතින අදුරු කාලගුණික තතවයන් මෙම රෝග මර්දනයන් මෙම රෝග ඇතිවීමට හේතු වේ. නිර්දේශිත දීලිර නාශක බාවිතයෙන් දීලිර රෝග මර්දනය කර ගත හැකිය.


කෘමි පළිබෝධ

පැළ මැස්සා 

මයිටාවා

කුඩිත්තා

සුදු මැස්සා

මිරිස් වගාවේ ප්‍රදාන පලිබෝදකයින් ලෙස සැලකිය හැකිය. මෙම සතුන් මිරිස් ශාක පත්‍ර වල යුෂ උරා බිම නිසා කොල කොඩ වීමෙ තත්වයකට පත් වේ. තවද මෙම සතුන් මගින් පැතිරෙන වෛරස රෝග නිසා වගාව මුළුමනින්ම හානියට පත්විය හැකිය. මේ හැරුනු විට කොල කන දලඹුවන් හා කරල් විදින පණුවන් ගේ හානිය නිසා අස්වනු හානී ඇතිවිය හැකිය. නිර්දේශිත පලිබෝද නාශක බාවිතය මගින් හා නිවැරදි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම අනුගමනයෙන් වගා හානී කර ගත හැක.


අස්වනු නෙලීම හා වෙළදපොළට  සැකසීම

අස්වනු නෙලීම අමු හෝ ඉදුණු කරල් ලෙස කළ හැක. අමු කරල් ලෙස අස්වනු නෙලීමේදී කරල් හොදින් මෝරා තීබිම ඉතා වැදගත්ය. ළපටි කරල් බරින් හා සැර ගතියෙන් අඩුය. ඉක්මනින් ගුණාත්මකය  අඩු වන නිසා හොඳින් මේරූ කරල් ලෙස අස්වනු නෙලිය යුතුය. වියළි මිරිස් නිෂ්පාද නය සඳහා ඉදුණු මිරිස් ලෙස අස්වනු නෙලීමේදී කරලේ සම්පුර්ණ රතු පැහැයක් තිබීම හෝ කරල් 80% කට වඩා රත් පැහැ වී තිබීම අවශ්‍ය වේ. හොඳින් නොයිදුණු අමු කරල් වියළීමේදී සුදු පැහයට හැරීම හේතුවෙන් වෙළඳපල ඉල්ලුමටත් මිරිස් අස්වැන්නෙහි  ගුණාත්මයටත් එය අහිතකර ලෙස බලපානු ඇත. 

ඉදුණු මිරිස් දින දෙකක් පමණ ගොඩ ගසා තබා තෙවන දිනයේ සිට වියළීම අරම්භ කල යුතු වේ. දින පහක් පමණ අව්වේ වේලීම ප්‍රමාණවත් වේ. මිරිස් වෙලිමේදී පැදුරු, මාගල්, ගෝනි හෝ ටාපෝලින් වැනි යමක් මතට දමා වියළීම තුළින් කරල්වල ද්පිතිමත් බාවයටත්, රත් පැහැයටත් සිදුවන හානිය අවම කර ගත හැකිවේ. මෙලෙස හොදින් වියලා ගත් පසු ගෝනිවල අසුරා ගබඩා කල යුතුයි. වියළි මිරිස් ලෙස දිගු කලක් කල් තබා ගැනීමේදී වරින් වර වියළීම අවශ්‍ය වේ. හොදින් වියළි ඇති කරල් මාස 4-6ක් දක්වා කාලයක් ගබඩා කර තබා ගත හැකිය.


වෙළදපොළඉල්ලුමට සරිලන පරිදි වියළි හා අමු මිරිස් නිෂ්පාදනයට යොමු වීමෙන්ද අස්වනු බහුල සමයන්හි   මිරිස්  ගොවියාට ශක්තිමත් ආර්ථිකයකට හිමිකරුවෙකු වීමට හැකිවනු ඇත. සාමානයෙන් අක්කරයට වග කිරීම සදහා රු 80,000/= පමණ වය වන අතර ලැබිය හැකි ලාභය ආකාරයට රු 150,000/= ඉක්මවයි, තවද අමු මිරිස් අපනයන වෙළදපොළට පිළියෙල කිරීමේදී ලැබිය හැකි ලාභය වැඩි කර ගතහැක.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement