කිරි අල වගාවට කෘෂි උපදෙස්

කිරි අල වගාව 


සිටුවා මාස 4න් පසු ගසේ වර්ධක සිමාකර ගැනීම සඳහා නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය අඩු කරගත යුතුය.එම නිසා වගාවට මාස 4 1/2-5 වයස් වූ පසු යූරියා භාවිතා නොකරයි.

පොටෑසියම් පොහොර භාවිතයෙන් අල කුරුල්ලන්ගේ වැඩීම දිරි ගන්වන නිසා පොටෑෂ් පොහොර මාස 5ට පසු දෙවතාවකදී පමණ යෙදීම කල හැකිය.


කිරි අල වගාව නඩත්තු කිරීම 


වැඩි අස්වනු දෙන මවි අල වලින් පැළ ලබා ගැනීම.

මුල් කුණුවන රෝග තත්වයෙන් මිදීමට.පත්‍ර බේරිමට පෙර තවානෙන් අල කැබලි සමඟ පැළ වෙන් කර සිටවන්න.

පොහොර යොදන අවස්ථාවලදී ගස වට උදලු ගාමින් ක්‍රමයෙන් පැළයේ වර්ධනය සමඟ වල පිරවීම කරන්න.

වර්ධක වර්ධනය සිමා කිරිමට මතුපිට දිවෙන මුල් කැපී යන ලෙස ගස වට පස් ලං කරන්න.

උඩ පත්‍ර මගින් සෙවන වු පහළ පත්‍ර තලා දමන්න.


අස්වැන්න නෙලීම 


අල කුරුල්ලන් හටගැනීම මාස 2 1/2-3 දී සිදුවේ.

අල කුරුල්ලන් විශාල වීම මාස 4 1/2 න් පමණ ඇරභී මාස 8-10 පමණ වන තෙක් සිදුවේ.

අල කුරුල්ලන් මෝරන විට,


- පත්‍ර හටගන්නා වේගය අඩුවේ,


- පත්‍ර කෙෂ්ත්‍රඵලය අඩුවේ,


- පත්‍ර නටු වල දිග අඩුවේ.


එම අවස්ථාවේ අස්වනු නෙලා ගත හැක.


අපනයනය සඳහා සකසන කිරි අල වල තිබිය යුතු ලක්ෂණ මොනවාද? 


දුඹුරු පැහැති පොත්තකින් හා සුදුපාට මදයකින් යුක්ත විය යුතුය,

අල කුරුල්ලකුගේ මුල සහ අග ප්‍රමාණය බොහෝ ලෙස එක සමාන විය යුතුය,

ප්ලාස්කු හැඩයක් ගත යුතුය,

අලයක බර ග්‍රෑම්.100ට වැඩි වීම 

පිරිසිදු,නොකැපුන, කෘමි හා රෝග හානි නොමැති අළුත් අල විම,

ඉසුරු ප්‍රභේදය මෙම ලක්ෂණ වලින් යුක්තයි.


හැදින්වීම.


ඉහල පෝෂණ ගුණයෙන් යුක්ත කිරි අල, අර්තාපල් සඳහා ආදේශකයකි. මේ සඳහා දේශීය වෙළෙඳපොළෙහිද වැඩි ඉල්ලුමක් හා මිලක් පවති.

ආන්තික භූමි තත්වයට අනුවර්තිත, කන්න භෝගයක් නොවන කිරි අල, ජල පහසුකම් ඇත්නම් වසරේ ඕනෑම කාලයක වගා කලහැකිය. විවිධ වගා රටාවකට ගැලපෙන අවම කෘමි හා රෝග ග්‍රාහි මෙන්ම අඩු අවදානමක් හා අඩු අඩමානයක් සහිත නිසාත් කිරි අල වගාව වැඩි ආර්ථික ප්‍රතිලාභ අත්කර දේ.


වගා තොරතුරු 


දේශගුණික අවශ්‍යතා 


වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1500 හෝ ඊට වැඩි විය යුතුය.

කඩින් කඩ වියලි පරිසර තත්ව පවතින උණුසුම් දේශගුණයක් තිබීම,

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා උස ප්‍රදේශ වඩාත් සුදුසුය,

සෙවනට ලැදි මෙම භෝගය වැඩි ආලෝක තත්ව යටතේ වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වේ.


පාංශූ අවශ්‍යතා


පසේ ආම්ලිකතවය pH අගය 5.5-6.5 අතර වන සැහැල්ලූ හෝදින් ජලවහනය වන කාබනික ද්‍රවය වැඩි ලෝම පසක් සුදුසුය.


වගා කාලය 


භූගත කඳක් ඇති නිසා බහු වාර්ෂික භෝගයක් වන මෙය වාණිජ වශයෙන් වගා කිරීමේදී වාර්ෂික භෝගයකි. යල සහ මහ වැසි සමඟම වගා කිරිම සුලභ වුවද ජල සම්පාදන පහසුකම් ඇති විට වසරේ ඕනෑම කාලයක වගා කළහැකිය.


රෝපණ ද්‍රව්‍ය 


රෝපණ ද්‍රව්‍ය සඳහා ආයෝජනය කල යුත්තේ මුල් කන්නයේ පමණි. ආර්ථික අස්වැන්න රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා නොකරන අතර, මව් අල ඒ සඳහා භාවිතා කරයි. මව් අල තවාන් කිරිමෙන්. 10-15 අතර පැළ සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවේ.


පැළ බෝකර ගැනීම.


අල කැබලි පිළියෙල කිරිම 


අංකුර නොකැපෙන ලෙස මව් අල, අගල් 2-2.5 ඝණත්වයට පෙති කපා ගන්න, කැපුම් පෘෂ්ඨයට දැව අළු තැවරීම හෝ දිලීර නාශකයක ගිල්විම කළ යුතුය.


තවාන් පාත්ති සැකසීම 


සෙවන ඇති ස්ථාන වල වැලි තවාන්ද,


විවෘත ස්ථාන වල වැලි 1 , මතුපිට පස් 1, කාබනික පොහොර 1අනුපාතයෙන් මිශ්‍රිත තවාන් පාත්තිද සකසා ගත යුතු වේ.


තවානේ පැළ සිටුවිම 


අගල් 3-4 පරතරයට සිටිනස් ඒ අල කැබලි තැන්පත් කරන්න,

පෙති වැසෙන ලෙස තවාන් මාධ්‍යයෙන්ම වසා ගන්න,

ප්‍රමුඛ අංකුර ඉවත් කර සුප්ත අංකුර උත්තේජනය කිරිම මගින් පැල සංඛ්‍යාව වැඩි කරගැනීමට හැකි වේ. පත්‍ර 4-5 වර්ධනය වු තවානේ මාස 1 1/2-2 වයස්ගත වූ පැළ සිටුවිමට යොදා ගැනීමට හැක.


බිම් සැකසීම 


මූලික බිම් සැකසිමෙන් පසු 


සැහැල්ලු පසකදි අඩි 1 1/2 x 1 1/2 x 1/2 ද තද පසකදී අඩි 2x2 x 1 1/2 ද වලවල් සකසා ගත යුතුය.


පරතරය 


විවෘත බිමක තනි භෝගයක් ලෙස මීටර් 1x1 පරතරයෙන්ද?..

සෙවන තත්ත්වය යටතේ අතුරු භෝගයක් ලෙස වගා කරන්නේ නම් මිටර් 1.2 x 1.2 හෝ ඊට වැඩි වන සේ ද වගාව කළහැකිවේ.


වලවල් පිරවීම 


මේ සඳහා හැකිතරම් කාබනික පොහොර භාවිත කළ යුතු අතර වගාව පිහිටුවන කාලයට පවතින වර්ෂාව අනුව වල සම්පුර්ණයෙන් පිරවීම හෝ අඩක් පිරවීම තීරණය කළ යුතුය. වැසි කාලයේදී පිරවු වලක් හා වැසි අඩු කාලයේදි 2/3 ක් පිරවු වලක් බවට භාවිතා වේ.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඔබට වඩාත්ම නිර්දේශ කර ඇති කිරි අල ප්‍රභේද මොනවාද?


දේශීයව කිරි අල වර්ග ගණනාවක් ඇතත් අස්වනු ව්‍යහය හා වෙනත් කරුණු හේතුකොටගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඔබට නිර්දේශ කර ඇත්තේ ඉසුරු නමින් හැඳින්වෙන රතු ඉරි කිරි අල ප්‍රභේදයයි.


ඉසුරු ප්‍රභේදයේ ලක්ෂණ


ළපටි පිත්තේ දාර දෙක දිගේ පවතින රතු ඉර,

පත්‍ර නිල් කොළ පැහැති වර්ණයකින් යුක්ත විමඕනෑම වගා ක්‍රමයකට අනුවර්තිත වීම,

අපනයනයට සුදුසු අල කුරුල්ලන් නිපදවීම,

ගසක අල කුරුල්ලන් 10-15 ඇති වීම,

අල කුරුල්ලෙකුගේ සාමාන්‍ය බර ග්‍රෑම් 125-150 වීම,

අස්වැන්න 14-15 t/ha

පොහොර නිර්දේශය 


යොදන අවශ්‍යතා               ප්‍රමාණය (Kg/ha)


                                             යූරියා TSP MOP

මූලික 

(සිටුවීමට දින 3ට පෙර 


හෝ සිටුවා සති 2න් )             30     120   60


මතුපිට 1 

(සිටුවා මාස 1 1/2-2 )              60     -     60


මතුපිට 2

(සිටුවා මාස 3-3 1/2)               60    -     60 


මෙම ලිපිය ඔබට වැදගත් කියලා හිතුනා නම් ඔබගේ අදහස් යෝජනා දක්වන මෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement