කවුපි වගා කරන ආකාරය

නියමිත කාලයට වගා කිරීම

වර්ෂා ජලයෙන් මහ කන්නයේ වගා කරන විට නොවැම්බර් මැදදී ද යල කන්නයේ දී අප්‍රේල් මස ලැබෙන පළමු වැස්සත් සමඟම දා වගාව ආරම්භ කිරීම සුදුසුයි. අස්වනු නෙළන අවධියේදි වියළි කාලගුණ තත්වයක් තිබිය යුතුය.

සුදුසු බිමක් තෝරාගැනීම

ජල වහනය හොඳින් සිදුවන බිමක් තෝරාගත යුතුය. පෙර කන්නයේ රනිල භෝග වගා නොකරන ලද බිමක් නම් වඩාත් සුදුසුය.

බිම් සැකසීම

15-20 cm පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර ගත යුතුය. සමතලා භූමියේ හෝ වැටි හා කාණු ක්‍රමයට බීජ සිටුවිය හැක.

පොහොර යෙදීම කි.ග්‍රෑ/හෙ.

බීජ සිටුවීම

පේලි අතර පරතරය 30 cm හා පැළ අතර පරතරය 15cm සිටින සේ බීජ සිටුවීම කල යුතුය. බීජ අවශ්‍යතාවය 35-40 කි.ග්‍රෑ./හෙ. පමණ වේ.

බීජ ප්‍රතිකාර කිරීම

සුදුසු දිලීර නාශකයකින් ග්‍රෑම් 4ක් බීජ කිලෝග්‍රෑම් 1කට යෙදීම මගින් බෝගය දිලීර රෝගවලින් ආරක්ෂා කරගත හැක.

නිර්දේශිත ප්‍රභේද


රූපය 



පැල තුනී කිරීම

සිටුවා සති 3 දී 6 දී පමණ එක ස්ථානයක එක පැළයක් සිටින සේ පැළ ගලවා ඉවත් කළ යුතුය.

වල් මර්ධනය

සිටුවා සති 3දී 6දී වල් මර්ධනය කළ යුතුයි.

ජල සම්පාදනය

පළමු සති 3 තුළ දී දින 4කට වරක් හා පසුව දින 7 කට වරක් ජල සම්පාදනය කල යුතුයි. මල් පිපෙන හා කරල් පිරෙන අවස්ථාවේදි ජල සම්පාදනය ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් පසේ පවතින තෙතමනය අනුව ජලය සැපයිය යුතු අවස්ථාව තීරණය කළ යුතුය.

අස්වනු නෙලීම

පිදුරු පැහැ වූ කරල් වාර කිහිපයකදී නෙලා ගත යුතුය. නෙලාගත් කරල් අව්වේ වියලා ගෝනිවල රනිල ගුල්ලාගේ හානියට ගොදුරු විය හැකි නිසා වරින් වර බීජ වියලීම කල හැක.

මැද කන්නයේ වගා කිරීම

මහ කන්නයේ අස්වනු නෙලා ගත් පසුව නැවත යල කන්නයේ වී වගාව ආරම්භ කරන තෙක් මාස 2-3 ක පමණ කාලයක් කුඹුරු පුරන්ව පවතී. මෙම කාලසිමාව මැද කන්නය ලෙස හැඳින්වේ. වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල මහ කන්නයේ අස්වනු නෙලීම පෙබරවාරි මස දී ආරම්භ වන අතර නැවත යල කන්නය සඳහා වගා කරන්නේ අප්‍රේල් මස අග දී පමණය.

කුඹුරුවල ගේෂ වී ඇති තෙතමනය සහ, මෙම කාලය තුළ දී බලාපොරොත්තු විය හැකි අතරින් පතර ලැබෙන වැසි උපයෝගි කර ගනිමින් කෙටි කාලීන රනිල භෝගයක් කුඹුරුවල සතුටුදායකව වගා කළ හැකි බව පෙනී ගොස් තිබේ. මෙම භෝගයේ නඩත්තුව සඳහා වැඩි මහන්සියක් දැරීම අවශ්‍ය නැත. එහි අස්වැන්න වැඩි මුදලකට ඉතා පහසුවෙන් අලෙවි කර ගත හැකිය. මෙම වගාව සඳහා තෝරා ගත යුත්තේ හොඳින් හෝ මධ්‍යස්ථ ලෙස ජලය බැසයන කුඹුරු පමණි. කාන්දු වීම මඟින් ජලය ලැබෙන කුඹුරු ද යෝග්‍ය වේ.

දින 50-70 කදී පමණ කාලයක දී අස්වනු ලබා ගත හැකි කෙටි කාලීන රනිල භෝග වර්ග මැද කන්නයේ වගාව සඳමා වඩා සුදුසුය.

වැඩි විස්තර සඳහා

අධ්‍යක්ෂ,

ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,                                                                  

මහඉලුප්පල්ලම.

දුරකථන/ ෆැක්ස් : 025-2249177/025-2249132

ඊ-මේල් : fmrc@sltnet.lk

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement