කැරට් වගාවට කෘෂිකාර්මික උපදෙස් සහ තොරතුරු

 ඩෝකස් කැරටෝවා Daucus carota

කුලය - අම්බලිෆරි

දේශගුණක අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ට වඩා ඉහල එසේම උෂ්ණත්වය සෙ.ග්‍රේ. 15-18 පවතින ප්‍රදේශවල කැරට් බෝගය ඉතා හොඳින් වගා කළ හැකිය. එසේ වුවද මීටර් 1300 වඩා පහළ හා මධ්‍යම ප්‍රදේශවලද සාර්ථකව වගාකළ හැකි සමහර කැරට් වර්ග තිබේ.

පස

කැරට් වගාව සඳහා හොඳින් බිම සකසා ගත යුතුය. සෙ.මී.20-30 ගැඹුරට සී සෑමෙන් හෝ කෙටීමෙන් පසු සියුම්ව පස සකස් කර ගන්න. මීටර් 1 පමණ පළල පාත්ති සකසා ගැනීම මගින් වගා නඩත්තුව පහසු වේ.

නිර්දේශිත ප්‍රභේද

ටොප් වේට් (මාස 4)

කෝනාකාර හැඩයක් සහිත අලය, තැඹිලි පැහැතිය.

කේප් මාර්කට් (මාස 3-3 ½)

සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අලය,ලා කහ පැහැයක් ගනී.

නිව් කූරෝඩා (මාස 3-3 ½)

සිලින්ඩරාකාර හැඩයක් ඇති අල, තද තැඹිලි පැහැයක් ගනී. දැනට ගොවීන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ නිව් කූරෝඩා වර්ගයයි. මෙම වර්ගය උඩරට මෙන්ම පහතරට ප්‍රදේශවලද වගා කිරීමට හැකියාව තිබේ.

බීජ අවශ්‍යතාව

බීජ කි.ග්‍රෑ.4 ක් පමණ හෙක්ටයාර් එකක් වගා කිරීමට අවශ්‍ය වේ.

සිටුවීමේ කාලය

කැරට් බීජ එකවරම පාත්තිවල වැපිරිය යුතුය. මෙම වගාව සහ මහ කන්න දෙකෙහිම සිදු කල හැකිය. එසේ වුවද ජල සැපයුම සහ අනෙකුත් පහසුකම් අනුව මහ කන්නයේදි වැඩි වශයෙන් වගාවේ.

පරතරය

කැරට් බීජ ක්ෂේත්‍රයේ වැපිරීම ක්‍රම 2 කට සිදු වේ.

·         පාත්තිවල විසුරුවා හැරීම

·         පේලි ක්‍රමයට ඉසීම (සෙ.මී.25 ×සෙ.මී.5)

බීජ පැලවී සති 3-4 කින් පැල තුනී කිරීම අවශ්‍ය වන අතර, සති 8දි නියමිත පරතරයට සිටින සේ පැල තුනී කල යුතුය. පේලි ක්‍රමයට බීජ වැපිරීම මගින් පැල තුනී කිරීම හා වගාව නඩත්තු කිරීම පහසු වේ.

පොහොර යෙදීම

හෙක්ටයාරයකට යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පහත දක්වා තිබේ.

 



මීට අමතරව පාත්ති සකසා ගන්නා අවස්ථාවේදි කාබනික පොහොර (ගොම පොහොර හෝ කොම්පොස්ට්) ටොන් 5-10 ක් පමණ හෙක්ටයාරයක් සඳහා යොදන්න.

ජල සම්පාදනය

කැරට් පැලවල මුල් පද්ධතිය අවට මැනවින් තෙතමනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් වන ජල සැපයුමක් කල යුතුය. නියමිත ප්‍රමාණයට වඩා ජලය අඩු වුවහොත් අස්වැන්න අඩු වේ.

වල් පැලෑටි පාලනය

අතින් වල් නෙලීම හො වල් නාශක භාවිතා කිරීමෙන් හෝ වල් පැල පාලනය කල හැකිය. මතුපිට පොහොර යෙදීමට කලින් වල් නෙලීම කල යුතුය.

වල්නාශක ලෙස මෙට්‍රිබියුසින් (සෙන්කර්) හෙක්.කි.ග්‍රෑ.0.35 බීජ පැලවීමට ප්‍රථමයෙන් පමණක් යෙදීම කළ හැකිය. මිශ්‍ර වගාවකදී වල්නාශක භාවිතා කිරීම නොකල යුතුය.

රෝග හා පළිබෝධ පාලනය

කැරට් පත්‍ර අංගමාරය සහ බැක්ටීරියා මෘදු කුණුවීම සාමාන්‍යයෙන් වැළඳෙන රෝග වේ. තඹ මිශ්‍ර දිලීර නාශකයක් යෙදීමෙන් අංගමාරය වලකා ගත හැකිය. වැඩිපුර ජලය සැපයීමෙන් වැලකී සිටීමෙන් බැක්ටීරියා කුණුවීම වලකා ගත හැක. නොයෙක් දළඹු වර්ග, මයිටාවන්, කූඩිත්තන්, වේයන් වැනි කෘමීන් හානි නිර්දේශිත කෘමිනාශක යෙදීමෙන් පාලනය කල හැකිය.

අස්වනු නෙලීම

කැරට් අලවල ඉහල කොටස සෙ.මී.2.5-5.3 පමණ විශාග වූ පසු නෙලා ගත හැකිය. කැරට් අලයට හානි නොවන ආකාරයෙන් ගලවා ගත යුතුය.

අස්වැන්න

ඉතා හොඳින් නඩත්තු කල වගාවකින් හෙක්.මෙ.ටො.30-35 වඩා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

පසු අස්වනු කටයුතු

කැරට් අල ගැලවීමෙන් පසුව හොඳින් පිරිසිදු කල යුතුය. පිරිසිදු ජලයෙන් සෝදා වෙළඳපල වෙත යැවිය යුතුය. බැක්ටීරියා විශේෂ අලවල රැඳී සිටීමෙන් කුණුවීම සිදුවිය හැකි නිසා සැලකිලිමත් විය යුතුය.


Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement