වැල් දොඩම් වගාවට කෘෂිකාර්මික උපදෙස්

 


වැල් දොඩම්  පැළ සිටුවීම හා නඩත්තුව

වලවල් සකසා ගැනීම


(පැල සිටුවීමට සති 2-3 කට පෙර වලවල් පුරවා ගන්න.)

පරතරය

පැළ සිටුවීම

වර්ෂාකාලය ආරම්භවීමත් සමඟ වෛරස් රෝග වලින් තොර නිරෝගි පැළ සිටුවන්න. පැළ සිටුවීමෙන් පසු අවශ්‍ය නම් සෙවන සපයන්න.

කණු සිටුවීම

සෑම පැළ 2ක් අතරට එක කණුවක් බැගින් සිටින සේ පැළ සිටුවා ඇති පේළියට සෙ.මී.30 (අඩියක්) පමණ ඉදිරියෙන් මීටර් 2 ½ පමණ උස කොන්ක්‍රීට් කණු හෝ ලී කණු සිටුවන්න.

කම්බි ඇදීම

01.  පොළව මට්ටමින් මීටර් 1 ¾ - 2 පමණ උසින්

02.  ගේජ් 14 ප්‍රමාණයේ ගැල්වනයිස් කම්බි යොදා ගත හැක. (කටු කම්බි භාවිතා කළ විට වැල තුවාල වේ.)



වැල් පුහුණු කිරීම

·         පාහින ලද පොල්අතු හෝ දිගු කෝටු හෝ ලණු පටක් ඇදීම කළ හැක.

·         කම්බිය දක්වා තනි කඳක් ලෙස පවත්වා ගන්න.  (පාර්ශ්වික අතු සියල්ල ඉවත් කළ යුතුය.)

·         වැල කම්බිය දිගේ සෙ.මි.15ක් දික් වූ පසු අග්‍රස්ථ අංකුරය කඩා දමන්න.

·         පාර්ශ්වික අංකුර 2ක් ඇති වූ පසු කම්බියේ එකිනෙකට විරුද්ධ දිශාවන්ට කම්බිය වටා ඔතමින් වැවෙන්න ඉඩ සලසන්න.

·         ආධාරක කණුව දක්වා හෝ මී.2ක් පමණ දිගට වැවුණු පසු එහි අග්‍රස්ථය කපා දමන්න. මෙවිට ද්විතීක රිකිලි හට ගැනීම හොඳින් සිදුවේ.

·         ද්විතියික අතු කම්බියෙන් පහළට වර්ධනය වීමට සලසන්න.

·         පාර්ශ්වික අතු එකිනෙක එතීම වැලැක්වීමට පහුරු කඩා දමන්න.



ජල සම්පාදනය

·         වියළි කාලගුණයක් පවතින විට ජල සම්පාදනය කරන්න.

·         තෙතමනය ආරක්ෂාවට පරළයට සෙ.මී.15 දුරින් කොහුබත්, වියළි තෘණ, වසුනක් ලෙස යොදන්න.

වල් පැලෑටි පාලනය

01.  වගාව තුළ හෝ ආසන්නයේ ඇති රනිල ශාක ඉවත් කරන්න. (සමහර රනිල වර්ග වැල් දොඩම් වෛරසයේ අන්තර් ධාරක ශාක වේ.)

02.  වල් පැෂන්, වතු පැලු, පොඩි සිංඤොමරන් ඉඩමේ වැවීමට ඉඩ නොදිය යුතුය. (වල් පැළෑටි මත කූඩිත්තන් ජනපද සාදන නිසා වෛරස් රෝග පැතිරිය හැක.)

වගාවේ වල්පැළෑටි පාලනය සඳහා වල්නාශක යෙදීම අතිශයින්ම අනතුරුදායකය, යොදන්නේ නම්, කොළ පැහැති කඳන්, පත්‍ර, අතු සමඟ ස්පර්ශ නොවිය යුතුය.

පොහොර යෙදීම

තෙත් කලාපය



තෙත් කලාපයේ පැළ සිටුවන විට මෙම පොහොර වලට අමතරව කීසරයිට්, එප්සම් සෝල්ට්, මැග්නීසියම් සල්ෆේට් එක පැළයකට ග්‍රෑම් 50 බැගින් යොදන්න.

පොහොර යොදන විට පැළයේ සිට සෙ.මී. 30-45 ඈතින් යොදා පස සමඟ කලවම් කරන්න.

කෘමි පාලනය

කූඩිත්තා - පත්‍රවල යුෂ උරාබොයි. වෛරස් රෝග වාහකයකු ලෙස ක්‍රියා කරයි.

වැල් කපන කුරුමිණියා - වැඩුණු පැළවල කඳ කපා බිත්තර දමයි.

රෝග පාලනය

01.  වැල් දොඩම් වගාවේ වෛරස් රෝගය

·         පත්‍ර ස්වභාවිකව විරූපී වීම.

·         පත්‍ර හැකිලී කොඩවීම හා කහ පැහැ විචිත්‍රයක් ඇති වීම.

·         පත්‍රවල කහපාට මෘදු ආකාරයේ පුල්ලිද දැකිය හැකිය.

·         වැල්වල වර්ධනය බාල වේ. ගෙඩි කුඩා වේ. ගෙඩියේ පිට පොත්තේ විචිත්‍ර ලක්ෂණද කහ හෝ කොළ තෙත් ස්වභාවයේ පුල්ලිද දැකිය හැක. (පිටත නෙරාගිය ගැට වැනි ස්වභාවයක්)

පැතිරීම - කූඩිත්තන් මගිනි

පාලනය - සුව කළ නොහැක. කූඩිත්තන් පාලනය මගින් රෝගය පැතිරීම අඩු කර ගත හැකිය.

02.  මුල් කුණු වීම

03.  පත්‍ර පුල්ලි රෝගය

මල් කෘතිමව පරාගනය කිරීම

·         ගෙඩි සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා වැදගත්ය.

·         පරාගනයට සුදුසුම වේලාව ප.ව.1-6 දක්වා කාලයයි.

·         මලේ පරාගධානි මතුපිට ඇති පරාග, කෙඳි සහිත බුරුසුවකින් හෝ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් කලංකය වෙත මෘදුව තවරන්න.

·         පරාගනයෙන් පසු පැය 2ක පමණ කාලයක්, වියළි කාලගුණයක් තිබිය යුතුය.

කප්පාදුව

·         අස්වැන්න නෙලා අවසන් වූ පසු කළ හැකිය.

·         කම්බියෙන් පහළට වැඩෙන පාර්ශ්වික අතු 2ක් අතර පරතරය සෙ.මී. 20 වන සේ, එකිනෙක ලඟින් වර්ධනය වන අතු ඉවත් කරන්න.

·         පහළට වැඩෙන අතු, එකිනෙක සමඟ එතීමට ඉඩ නොදෙන්න.

අස්වැන්න නෙලීම

කහ වර්ගය - මල් හටගෙන දින 70 පමණ කාලයකදී

නිර්දේශිත දම්පැහැ වර්ගය - මල් හටගෙන දින 90 පමණ කාලයේදි

ප්‍රධාන අස්වනු වාරය - මාර්තු සිට අගෝස්තු දක්වා

·         අස්වැන්න නෙලීමට සුදුසු අවස්ථාව - ගෙඩියේ පැහැය වෙනස් වීම අනුව සිදුකල හැක. ඇඟිලි තුඩින් සෙමින් වෙනස් වීම අනුව සිදුකල හැක. ඇඟිලි තුඩින් සෙමින් ගෙඩියට තට්ටු කල විට ඇතිවන විශේෂ හඬ උපයෝගි කරගන්න.

·         වියළි කාලගුණයක් පවතින විට පමණක් අස්වැන්න නෙලන්න.



සැකසුම :

මල්කාන්ති තන්තිරිගේ (පර්යේෂන නිලධාරි)

අයි. කලුබෝවිල (පර්යේෂන නිලධාරි)

පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය කනන්විල, හොරණ

දු.ක : 034 2261323



Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement