කෙසෙල් වගාවට කෘෂිකාර්මික උපදෙස්

ආහාරයට ගනු ලබන වර්ග

උද්භිද විද්‍යාත්මක නම:-         මියුසා ඇකියුමිනාටා

                                                       මියුසා බැල්බිසියානා

වියුසාසේ කුලයට අයත් කෙසෙල් ලංකාවේ ජනප්‍රිය පළතුරකි. එමෙන්ම එලවළුවක් වශයෙන් භාවිතා කරන ප්‍රභේධද ඇත. කෙසෙල් වල විශේෂත්වයක් ව‍න්නේ ඕනෑම කාල සීමාවක අස්වනු හට ගැනීමයි. දැනට දේශීය අවශ්‍යතාවයට අමතරව ටින්වල ඇසිරූ පළතුරක් ලෙස විදේශීය වෙළඳපලට සකස් කිරීමද සිදුවේ. කෙසෙල් වල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල තුනක් අඩංගුය.

පස සහ දේශගුණය :-

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වු සියළුම වියලි කලාපීය හා තෙත් කලාපීය ප්‍රදේශ වල සාර්ථකව කෙසෙල් වගාකල හැක. මි.මි. 1250 – 1900 දක්වා පැතිරුණු වර්ෂාපතනයක් පවතින සෙ.ග්‍රේ. අංශක 25 – 30 අතර උෂ්ණත්වයක් තිබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය අඩුවීමේදී මොරෙයියන් ඇති වීම, පත්‍ර වර්ධනය හා මල් ඇති වීම අඩුවේ. එමෙන්ම අධික සුළඟ ඇති ප්‍රදේශ වල වගාව ආරක්ෂා කිරීමට ප්‍රතිකර්ම කල යුතුය.

පස මී‍ටර් 1 ½ ක් ගැඹුරු මනා ජලවහනයක් තිබෙන පසක් විය යුතුය. එමෙන්ම එහි තෙතමනය රඳා ගැනීමේ හැකියාවද සතුටුදායක විය යුතුය. සාරවත් ලොම් පසක් සහිත ඉඩම් ඉතාමත් යෝග්‍ය වේ. පසේ PH 7 ආසන්නව තිබීම වඩා සුදුසුය.

ප්‍රභේද :-

                             



රෝපන ද්‍රව්‍ය :-

සිටුවීම සඳහා ගනු ලබන මොරෙයියන් ආකාර තුනකට කෙසෙල් පඳුරක ඇතිවිය හැක.

කඩුපත් මොරෙයියන් :-

මව් ගසක අලයේ වඩා ගැඹුරින් ඇති අංකුර වලින් මෙම මොරෙයියන් හටගනී.  මෙහි අලය ප්‍රමාණයෙන් විශාලය. මේ නිසා වර්ධන දිරිය වැඩිය. කුඩා කල පත්‍ර සිහින්ය. විශාල කැනක් හට ගනී.

දිය මොරෙයියන් :-

මව් ගසේ පස මට්ටම‍ට ආසන්නයේ පිහිටි අංකුර වලින් හට ගනී‍. කඳ සිහින්ය , දුර්වලය, පත්‍ර පළල්ය, සිටුවීමට සුදුසු නැත.

කන්‍යා මොරෙයියන් :-

පත්‍ර පළල්ය.  ක‍ඳේ එකම ස්ථානයකින් පත්‍ර හටගනී. වර්ධනය වේගවත්ය. අල කැබලි තවාන් කිරීමේදී වැඩිපුරම හට ගන්නේ මෙම මොරෙයියන්ය. විශාල කැනක් හට ගනී .

මෙම මොරෙයියන් සිටුවිමට වඩාත් යෝග්‍ය වන්නේ කඩුපත් මොරෙයියන්ය. මෙම මොරෙයියන් නැති අවස්ථාවේ කන්‍යා මොරෙයියන් සිටුවිය හැක. නමුත් දියපත් මොරෙයියන් සිටුවීම සඳහා සුදුසු නැත. සිටුවීමට ගන්නා මොරෙයියෙක් සෙ.මී. 75 පමණ උස විය යුතුය. මේ අවස්ථාවට පත් වීමට මාස 3-4 පමණ ගතවේ‍.

අල කැබලි වලින් පැල ලබා ගැනිම :-

විශාල වශයෙන් කෙසෙල් පැල අවශ්‍ය අවස්ථාවක අල කැබලි මගින් පැල ලබා ගත හැක. මේ සඳහා මාස 5 – 7 වයස කෙසෙල් පැල තෝරාගෙන පොළොව මට්ටමේ සිට සෙ.මී. 15 පමණ ඉහළින් කඳ කපා දමන්න. සති 3 පමණ පසු අලය ගලවාගෙන පිටපොත්ත හැකි පමණ ඉවත් කර සුද්ද කර  ගත යුතුය.

ඉන්පසු ක්‍රියාකාරි අංකුරයක් ඇතුලත් වන අන්දමට මෙම අලයේ කැබලි 6 – 8 ට කපා ගත යුතුය.  එක් කැබැල්ලක බර ග්‍රෑම් 500 වඩා අඩු නොවිය යුතුය. දිලීර වර්ධනය සඳහා කපා ගත් අල කැබලි කැප්ටාන් හෝ තිරාන් වැනි දිලීර නාශකයක ගිල්වා තබා දින 2 -3 පමණ සෙවන ස්ථානයක තබා තවාන් කිරීමට ගත හැක. පේලි අතර සෙ.මී. 60 ද සෙ.මී.30 පළල හා ගැඹුර ඇති කානු කපා කාබනික පොහොර යොදා කානු දිගේ සෙ.මී 60 පරතරයට පැල තවාන් කල යුතුය.

පැල වල පත්‍ර 2 – 3 වැඩි ඇති විට යුරියා ග්‍රෑම් 30 හා සීනි ග්‍රෑම් 30 ජලය ලී‍. 4 -5 දියකර පැල වලට ඉසින්න. මෙම මිශ්‍රණය පැල 100 කට පමණ සෑහේ.  මාස 4දි පමණ සිටුවීමට සුදුසු පැළ ලබා ගත හැක. නමුත් ඇම්බන්, ආනමාළු, හා බිං කෙසෙ‍ල් වල මෙලෙස පැළ ලබා ගැනිමට මාස 6ක් පමණ ගත වේ. අල කැබලි තවාන් දැමීමෙන් ලැබෙන පැල වලින් 50% පමණ දිය මොරෙයියන් ලැබේ.

මොරෙයියන් තේරීම හා ප්‍රතිකාරය :-

නිරෝගි පැල තෝරා ගත යුතුය. මෙම පැල වල අලය මුල් හා අල ගුල්ලා ගේ හානිය ගොදුරු වූ ස්ථාන කපා දමා පිරිසිදු කල යුතුය. පත්‍ර වලින් අඩක් කපා දැමිය යුතුය. වට පණුවන්ගෙන් හා ගුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගොම හා අළු මිශ්‍ර කර උකු ද්‍රාවණයක් සාදා එම ද්‍රාවණය ගැලුමකට ෆියුරඩාන් ග්‍රෑම් 6 – 10 පමණ මිශ්‍ර කර මොරෙයියන් විනාඩි 5 – 10 පමණ ගිල්වා තබා සෙවන ඇති තැනක සතියක් පමණ තැබිය යුතුය‍. පසෙන් ඇති විය හැකි දිලීර වලින් ආරක්ෂා වීම සඳහා ඉහත ද්‍රාවණයට තිරාම් හෝ කැප්ටාන් ගැලුමකට ග්‍රෑම් 10 මිශ්‍ර කිරීම සුදුසුය‍.

ක්ෂේත්‍රය සකස් කිරිම :-

අවශ්‍ය පරිදි පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ඉන්පසු අඩි  2 × 2 × 2 ප්‍රමාණයේ වලවල් කපා ගත යුතුය. මෙම වලවල් පැල සිටුවීමට සති 2 ක් පමණ පෙර මතු පිට පස් සහ කාබනික පොහොර සම ප්‍රමාණයෙන් ගෙන වලවල් පුරවා තැබිය යුතුය. තෙත් කලාපයේ නම් වලකට ඩොලමයිට් ග්‍රෑම් 600 බැගින් යොදා මිශ්‍ර කර ගැනීම වැදගත්ය. ඉළුක්, ආටෝරා වැනි වල් පැලෑටි තිබේ නම් වලවල් කැපීමට පෙර ග්ලි‍ෆොසේට් වැනි වල් නාශකයක් යෙදීමෙන් පහසුවෙන් මර්ධනය කරගත හැක.


පරතරය :-


පැල සිටුවීම :-

ජල පහසුකම් තිබේ නම්  වසරේ ඕනෑම අවස්ථාවක සිටුවිය හැක. නැතිනම් පහතරට තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ  මැයි හා ජුනි වලද වියලි කලාපයේ නම් ‍ඔක්තෝබර් මාසයේද සිටුවිය යුතුය. අධික වර්ෂා කාලයේදි සිටුවීම සුදුසු නැත. මොරෙයියන් සිටුවන අවස්ථාවේ විහිදී ඇති පත්‍ර තිබේනම් පමණක් පොලොව මට්ටමේ සිට සෙ.මී.60 ක් පමණ ඉහළින් කඳ කපා දැමිය යුතුය. නමුත් තෙත් කලාපයේ වර්ෂාව තිබෙන විට නම් විහිදි ඇති පතු වලින් 1/3 ඉතිරි වන සේ කපා දැමිමද කල හැක.

කෙසෙල් වගා රටා

අතුරු බෝගයක් ලෙස වගා කිරීම :-

පොල් වගාවත් සමඟ කෙසෙල් වගා කරන්නේ නම් පොල් පැල සිටුවා වසර 5 ගතවන තෙක් ද වසර 25 පමණ වයස්ගත වූ පසුවද ඉතා සාරථක ලෙස අතුරු බෝගයක් ලෙස කෙසෙල් වගා කළ හැක. ප්‍රදේශයට ගැලපෙන ඕනෑම කෙසෙල් වර්ගයක් මේ සඳහා සුදුසුය. එහිදි බෝග දෙකටම නිර්දේශිත පොහොර ප්‍රමාණයක් යෙදිය යුතුය.

මීටර් 8 × 8 පරතරයට ඇති පොල් වගාවක් තුල පොල් ගහේ පාදයේ සිට මී‍ටර් 2 පිටතින් පහත ක්‍රම වලට කෙසෙල් පැල සිටුවිය හැක.



සිටුවන කෙසෙල් පැල වලට හොඳින් ආලෝකය ලැබිය යුතුය. මීට අමතරව පොල් ඉඩම් වල කෙසෙල් සිටුවා ඒ සමඟ අන්නාසි, ඉඟුරු, මඤ්ඤොක්කා, බතල, ගොටුකොල, කහ වැනි බෝග ද සිටුවිය හැක.

රබර් වගාව තුළ කෙසෙල් වගාව:-

රබර් පැල සිටුවා අවු.03ක් යනතුරු සාර්ථකව කෙසෙල් වගා කල හැක.

කෙසෙල් සමග අතුරු බෝග වගාව :-

තෙත් සහ අතරමැදි කලාපයන්හි ප්‍රධාන ‍බෝගය ලෙස කෙසෙල් වගා කර ඇති ඉඩම් වල කහ, ඉඟරු, එළවළු, දේශීය අල වර්ග, වැල්දොඩම්, අන්නාසි, ආදිය වගා කල හැක. වියළි කලාපයේ ජල පහසුව ඇති කෙසෙල් වගාවල ළූණු, මිරිස්, රනිල බෝග හා නොයෙකුත් එළවළු වර්ග අතුරු බෝගයන් ලෙස වගා කල හැක.

වල් මර්ධනය:-

වසුන් යෙදීම, උදලු ගෑම, හෝ ආවරණ බෝග වගාකිරීම මගින් කළ හැකිය. රසායනිකව ද මර්ධනය කළ හැක.

පඳුරු පාලනය :-

කෙසෙල් වගාවේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා පඳුරු පාලනය ඉතා වැදගත්ය. මේ මගින් ඉතාමත් හොඳ ගුණාංග සහිත කෙසෙල් කැන් ලබාගත හැකිය. මව් ගසෙහි කැන පීදෙන තෙක් දෙවන පැලයක් ඒමට ඉඩ දෙනු නොලැබේ‍. කැන පැසීමත් සමඟ තුන්වන පැලය ඇති වීමට ඉඩ හරිනු ලැබේ. මේ අනුව කෙසෙල් පඳුරක උපරිම වශයෙන් තිබිය හැක්කේ වයස් කාණ්ඩ තුනකට අයත් පැල තුනක් පමණි. කිසිම අවස්ථාවක එකම ව‍යසේ පැල දෙකක් තිබීමට ඉඩ නොහැරිය යුතුය. අනවශ්‍ය පැල ඇතිවන මොහොතේම ගලවා විනාශ කල යුතුය.

පොහොර යෙදීම :-

කෙසෙල් වගාව සඳහා පෙහොර යෙදීම මගින් ඉතා හොඳ ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ලබාගත හැකිය. විශේෂයෙන්ම හැකි සෑම අවස්ථාවකදීම කාබනික පොහොර යෙදීම වැදගත්ය. ඊට අමතරව පහත සඳහන් රසායනික පොහොර නිර්දේශය යෙදිය යුතු වේ.

කෙසෙල වගාව සඳහා පැල සිටුවන අවස්ථාවේදී රසායනික පොහොර යෙදීමක් සිදු නොවේ‍. පැලයකට පළමුවරට පොහොර යෙදිය යුත්තේ කෙසෙල් පඳුරට සෙ.මී.30 (අඩි 1ක්) දුරින්ය.දෙවන වරට අඩි 3ක් දුරින්ය. ඉන් පසු පඳුර වටා අඩි 6ක් දුරින් ද පොහොර යෙදිය යුතුය‍.

වියලි කලාපය සඳහා එන්.පී.කේ 12/8/34 මිශ්‍රණය ද, තෙත් කලාපය සඳහා 11/10/25 මිශ්‍රණයද නිර්දේශ කෙරේ.

සිටුවා මාස 2 ට  පසුව පැලයකට ග්‍රෑම් 450 ක්ද, ඉන් පසුව සැම මාස 4ක ට වරක්ම ග්‍රෑම් 450 බැගින් යෙදිය යුතු වේ.

මේවාට අමතරව තෙත් කලාපය සඳහා මාස 6 වරක් කීසරයිට් ග්‍රෑම් 450 යෙදිය යුතුය.

තෙත් කලාපය සඳහා පොහොර ග්‍රෑම් 450 සකස් කර ගත යුත්තේ යූරියා ග්‍රෑම් 110 , රොක් පොස්පේට් මිලි ග්‍රෑම් 150 , මියුරියේට් ඔෆ් පොටෑස් ග්‍රෑම් 190 වන සේය.

වියලි හා අතරමැදි කලාපය සඳහා පොහොර ග්‍රෑම් 450 සකස් කල යුත්තේ යූරියා ග්‍රෑම් 120, ත්‍රිත්ව සුපර් පොස්ෆේට් ග්‍රෑම් 80, මියුරියේට් ඔෆ් පොටෑස් ග්‍රෑම් 250 වන ආකාරයටය.

අස්වැන්න :-

සාර්ථක වගාවක සිටුවා මාස 8 – 10 ගත වූ පසු පීදීම සිදු වේ. කැන මේරීම සඳහා මාස 3 – 4ක් ගත වේ. සාර්ථක වගාවකින් අක්කරයට ගෙඩි කි.ග්‍රෑ. 7000 – 14000 පමණ වසරකට අස්වැන්න ලබාගත හැකිය.

වෙනත් රෝපණ ක්‍රියා :-

කැන ඇතිවී 6’’ ක් පමණ දුරින් මුව කඩා බරක් එල්ලීම සුදුසුය. කැන පැසීගෙන එන විට පොලිතින් හෝ වෙනත් දෙයකින් ආවරණයක් යෙදීම සුදුසුය. අධික සුළං ඇත්නම් ආධාරක කණුවක් සැපයීමද ඉතා වැදගත්‍.

ඉදවීම :-

දුම් ගැස්විම මගින් ඉදවීම සිදු කල හැකිය. ඊට අමතරව එතිලින්, ඇසිටලීන් (කාබයිට්) යෙදවීමෙන් එකවර ඉදවීම කල හැක.

රෝග:-

1.      වඳ පීදීම

වෛරස් හේතුවෙන් වැල‍ඳේ. පටු වූ කැඩෙන සුළු පත්‍ර සමූහයක් ඇති වේ. ගොබය හිර වී පවතී. පත්‍ර කහ පැහැයක් ගනී. ඵල දැරීම සිදු නොවේ. රෝගී පත්‍රී පඳුරු ගලවා විනාශ කර දැමිය යුතුය.

2.      පැනමා රෝගය

මෙය දිලීරයක් හේතුවෙන් වැල‍ඳේ. රෝග පත්‍රී ගස්වල කඳින් පැලීම සිදු වී දියර ගැලීම සිදු වේ‍. කඳ රතු පැහැයකින්  දක්නට ලැබේ. ප්‍රතිකාර නොමැති බැවින් වගාව පිරිසිදුව තබා ගත යුතු අතර රෝගී පැල උදුරා විනාශ කල යුතුය. හානිය බහුල වූ විට වගාව සමුපූර්ණයෙන් විනාශ කොට නැවත වසර 4කට පසුව වගාව ආරම්භ කළ යුතු වේ‍.

3.      ඇන්ත්‍රැක්නෝස් රෝගය

මෙය කෙසෙල් කැන්වලට වැල‍ඳෙන රෝගයකි. දීලීරයක් හේතුවෙන් රෝගී කැන් විනාශ කල යුතුවේ. විශේෂයෙන් ම අළු කෙසෙල් වලට හානිය බහුල වේ.

4.      බොරෝන් ඌණතාවය

මෙය බොරෝන් නැමති ඛණිජය ඌණ වීමෙන් ඇති වේ. ගස් වල කඳන් හා පත්‍ර වල මලකඩ වැනි රතු පාට  පැල්ලම් ඇති වේ‍ .  මර්ධනය සඳහා බෝරැක්ස් 0.1% මිශ්‍රණයක් යෙදීම සුදුසු වේ‍.


පලිබෝධ හානි :-



Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement