ලෝකයේ ජනප්‍රියම හා වැදගත්ම පලතුරු අතරට පැණි දොඩම්ද අයත් වෙයි. උද්භිද විද්‍යාත්මකව Citrus sinensis නමින් හදුන්වනු ලබන පැණි දොඩම් Rutaceae පවුලට අයත් වෙයි. ජමනාරං, ජම්බෝල, ග්‍රේප් ෆෘට්, දෙහි, ඇඹුල් දොඩම්, දිවුල්, බෙලි, කරපිංචා ආදී ජනප්‍රිය ශාක බොහෝමයක් ඊට ඇතුලත් වෙයි. මේ වන විට පැණි දොඩම් වගාව සාර්ථකව කල හැකි බව තේරුම්ගෙන තිබෙන අතර, ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම යෙදවුම් හා සුදුසු උසස් ආරයේ ප්‍රෙභ්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව වාර්තමානයේ පවතී. මොණරාගල, අම්පාර, බදුල්ල, කුරුණෑගල, රත්නපුරය, මාතලේ, අනුරාධපුරය, පුත්තලම, වවුනියාව, යාපනය, කිලිනොච්චිය, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක බොහොමයක පැණි දොඩම් ඉතා සාර්ථකව වගා කල හැකිය. මෙම ප්‍රදේශ සදහා සුදුසු ප්‍රභේද සහ ජල සම්පාදන ක්‍රම සැපයීම මුලික අවශ්‍යතාවය වෙයි. නුවරඑළිය, කෑගල්ල, මහනුවර වැනි ප්‍රදේශවලත් පැණි දොඩම් වගාකිරීමේ හැකියාව තිබේ.
දේශගුණික අවශ්‍යතා
වියලි හා අතරමැදි කලාප පැණි දොඩම් වගාව
සදහා සුදුසු බව පිළිගැනේ වසර පුරා හොදින් පැතිරුණු වර්ෂාව පැණි දොඩම් වගාවට
නුසුදුසු අතර මාස 2-3 ක පැහැදිලිව වෙන් වූ වියළි කාලයක් ඊට අවශ්‍ය වේ.
සුදුසු ප්‍රභේද
වියළි හා අතරමැදි කලාප සදහා
බිබිලේ පැණි දොඩම්
මීටර 3-5 ක් පමණ උසට වැඩෙන ගසකි. රවුම්
ගෙඩිය තද කොළ පාට දීප්තිමත් සුමුදු පොත්තක් සහිතය. ගෙඩියේ සාමාන්‍ය බර ග්‍රෑම්
300-400 ක් පමණ වේ. මිහිරි සහ ඇඹුුල් රස මිශ්‍ර යුෂය ආකර්ෂණිය සුවදකින් යුක්තය.
ගෙඩියක බිජ 10-15 පමණ අඩංගු වෙයි.
සිසිල් අතරමැදි කලාප හා තෙත් කලාප සදහා
අරෝග්‍යා
මීටර 3-5ක් පමණ උසට වැඩෙන ශාකයකි. ප්‍රධාන
අතු ඇතට විහිදී වැඩෙන අතර පැතිරිනු ශාක වියනක් ඇත. පත්‍ර පලල් හා බොකුටු හැඩැතිය. අලුත් රිකිලිවල
නිරතුරුවම මල් හටගනී. විශාල ප්‍රමාණයේ (ග්‍රෑම් 400-500 බර) බිජ රහිත ගෙඩි, මේරීමට
මාස 5-6ක් පමණ ගතවෙයි. ගෙඩියේ අධික යුෂ ප්‍රමාණයක් අඩංගු වන අතර එම යුෂ බිබිලේ පැණි දොඩම් තරම් ඇඹුුල් හෝ ප්‍රණීත නොවෙයි. වසරකට තුන්වරක් පමණ ථල
දරයි. මෑතකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කල MKD පැණි දොඩම් ප්‍රභේදය තෙත, අතරමැදි හා
වියළි කලාප තුල වගාකළ හැක.
පස
ඉතා සරු පසකදී ගසේ වර්ධනය නිරතුරුවම
සිදුවීම නිසා අස්වැන්නක් අඩුවෙයි. කාබනික ද්‍රවය අඩංගු හොදින් ජලය බැස යන මීටර 2ක්
පමණ ගැඹුරු පසක් වඩා සුදුසුය. නොගැඹුරු පසක වැටීමෙන් කෙටි කලක් තුල ගස් මැරියාමට
ලක්වේ.
බිම් සැකැස්ම
ජලවහනය හොදින් සිදුවන භුමියක් තෝරාගත
යුතුය. ගැඹුරට සිසා කැට පොඩිකර සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කල යුතුය.
පරතරය - මීටර 4x
සිටවීම
සැහැල්ලු පසක්නම් සෙ.මි.60x60x60 ප්‍රමාණයේ වලක් ද මැටි සහිත හෝ ගල්
බොරළු අදික පසක් නම් සෙ.මි.90x90x90 ප්‍රමාණයේ වලක් ද සකසා ගන්න. මෙම වල
තුලට දිරාගිය ගොම පොහොර වලින් අඩක් පමණ යොදා මතුපිට පස් වලින් පුරවා වල තුලට මිශ්‍ර
කල යුතුය. තෙතමනය රදවා ගැනීමට වල පතුලට පොල්ලෙලි ඇතිරීම ඇතිරීම කලහැක. එසේම ආම්ලික බව වැඩි නම් (සොදා
පාලුවී ගිය පසක බොහෝවිට ආම්ලික බව වැඩිය) ඩොලමයිට් කුඩු කි.ග්‍රෑ.1ක් පමණ මෙම වල
තුලට මිශ්‍ර කර පල සිටවිමට දින 3-4 පෙර පැණි දොඩම් සදහා මුලික පොහොර මිශ්‍රණය පසට
යොදා මිශ්‍රනය පසට යොදා මිශ්‍ර කර පැල සිටවීම යෝග්‍යයි. වර්ෂා සමයට මාසයකට පෙර හෝ
දැඩි වර්ෂා සමයේ අවසාන කොටසේදී සිටුවන්නේ
නම් වැඩ යෝග්‍යයි. වර්ෂාවට පෙර සිටවන විට නිසිපරිදි සෙවනක් හා ජලය සැපයීම අවශ්‍ය
වේ. සිටවන ලද පැලයට අධරකයක් සපයන්න. පැලය වටා පිදුරු හෝ කොල රොඩු වසුනක් පැලයේ
මීටර බාගයක් පමණ දුරට යොදන්න. වියළි සාමය
අවසන් වූ විට සෙවන ඉවත් කරන්න. වසුන දිරා ගිය විට නැවත යොදන්න.
ගස් පුහුණු කිරීම
වැඩි අස්වැන්නක් ඉක්මනින් හා සැම
කන්නයකටම ලබා ගැනීමටත් ශක්තිමත් සැකිල්ලක් සාකස් කර ගැනීමටත් රෝග හා පලිබෝධ ගැටළු
අවම කර ගැනීමටත් උසස් ගුනත්මයේ දොඩම් ගෙඩි ලබා ගැනිමටත් කුඩා කල සිටම ගස් කප්පාදු
කර පුහුණු කල යුතුය. පැහැදිලි ප්‍රධාන කඩක් සහිතව සැකිල්ල සමබරව විහිදෙන ලෙස.
දියරිකිලි, දුර්වල, පසු මැටියන, රෝගී කෘමි
හානිවූ හා එකිනෙක හරහා යමින් වැවෙන අතු මාස කිහිපයකට වරක් කපා ඉවත් කල යුතුය.
අස්වනු නෙලීම අවසානයේ ථල දැරූ අතු රිකිලි
කපා දමන්න. සැම විටම ගස තුලට හිරු එලිය ඇතුළුවීමට ඉඩ සලසන්න. කප්පාදුව හා අතුවල
බරක් එල්ලීමෙන් එය කල හැකිය.
වල් පැළෑටි පාලනය
වැදගත්වන්නේ ගස පාමුල අවට ප්‍රදේශයේ වල් පැළෑටි පාලනය කිරීමයි.
රසායනික පොහොර යෙදීමපසේ තෙතමනය ඇති විටදී සිදු කල යුතුය. පැල සිටුවීමට සති 2කට පෙර එක් වලකට ඩොලමයිට් ග්‍රෑම් 500 ක්ද සැම වසරකටම වරක් ඩොලමයිට් ග්‍රෑම් 500 ක් බැගින් ද යොදන්න. තවද හැකි සැම විටම කාබනික පොහොර වසරකට කි.ග්‍රෑ 10ක් පමණ වන ලෙස පැලයකට යෙදීම මගින් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක.
ජල සම්පාදනය
මුල් වසර 3 තුල දිගු වියළි
කාලගුණයක් පවතී නම් ජල සම්පාදනය වැදගත් වේ. මල් වාරයට මාස 2 කට පමණ පෙර පස වියලි
යාමට ඉඩ සලසන්න. ජලය සැපයීම පාලනය කරමින් ගස මැලවීමට ඉඩ හරින්න. මියයාම වැලක්වීමට
පමණක් ඉතා ස්වල්පයක් ජලය සපයන්න. වියලි මාස 2 අවසානයේ ගසට හොදින් ජලය සපයන්න. සති
කිහිපයකදී මල් හටගනු ඇත. මල් හටගත් පසු නොකඩවා මනා ලෙස පසේ තෙතමනය පවත්වාගෙන යන්න.
ථල මෝරන විට පස වියළි යාමට නැවතත් කටයුතු කරන්න. පස අනවශ්‍ය ලෙස වියළි තිබෙන විට
පෝෂක ඌනතා දක්නට ලැබෙන අතර පත්‍ර කහ වීම.
අතු රිකිලි වල පත්‍ර මැලවිම. ගසේ වර්ධනය දුර්වල වීම. පත්‍ර හැකිලී යාම, මල් පිපුණද
ඉන් වැඩි ප්‍රමාණයක් හැලි යාම, කුඩා දොඩම් ගැට හැලි යාම, දොඩම් ගෙඩි කුඩා වීම,
ගෙඩියේ පොත්ත දැඩි වීම හා මාංශලයට යුෂ එකතු නොවී වියළි බවට පත් වීම ආදී ගැටළු මතු
වේ.
රෝග පාලනය
ට්‍රිස්ටෙසා වෛයිරස රෝගය
ලපටි පත්‍ර නාරටි කහ පාටවීම පත්‍ර
වීකෘතිවී කුඩා විම. හැලියාම. කුඩා රිකිලි විශාල ලෙස හට ගැනීම. ඒවා පසු මැරීම. ක්‍රමයෙන්
ජල හීන ලක්ෂණ පෙන්වා දුර්වල වීම. හදිස්සියේ මල් ඵල හටගැනීම හා පසුව ගස මිය යාම.
මර්ධනය
රෝගය අරම්භයේදීම වැඩිපුර කාබනික පොහොර යෙදීම, දියර පොහොර යෙදීම හා
හොදීන් පසේ තෙතමනය පවත්වාගන යාම මෙන්ම රෝග වාහකකුඩිත්තන් මර්ධනය කිරීම කල
හැක.නමුත් රෝගය වැළදුණු පසු සුවකළ නොහැක.
කොළවන් වීම (Greening)
මෙය වෛරස් හෝ මයිකෝප්ලාස්මා රෝගයකි. කොළ වල කොල පැහැති පුල්ලි ඇති
වීම, ගස දුර්වල වී මැලවී යාම, ගෙඩි හැලීම හා පසුව ගස මියයාම සිදු වේ.
මර්ධනය
ට්‍රිස්ටේසියා රෝගය පාලනය කරන අයුරින් පාලනය කරයි.
රක්ත පටල රෝගය (දීලිර)
රෝගී අතුවල පත්‍ර කහපාට වී හැලියයි, රිකිලි පසුව මැරේ. කදේ පොත්ත
මත රෝස පාට කුඩු ආකාරයට දීලිර බීජානු
ඇතිවේ. මුළු ගසම මිය යාමට හැකිය.
මර්ධනය
රෝගී කොටස් කප්පාදු කර පුළුස්සා දමන්න. කැපුම් තුවාල වලට දීලිර නාශක
අලේප කරන්න. වගාවට තඹ අඩංගු දීලිර නාශක ඉසින්න.
පිළිකා රෝගය (කන්ක්ර්/Canker) (බැක්ටීරියා)
කොළ අතු රිකිලි හා ගෙඩිවල දුඹුරැ පාට රවුම් කැලැල් හටගන්නා අතර එය
වටා පැහැදිලි කහපාට වලයක් ඇති වෙයි. ගස් දුර්වල වෙයි.
මර්ධනය
කප්පාදු කර එම කොටස් පුළුස්සා දමන්න. තඹ අඩංගු දීලිර නාශක ඉසින්න.
කබොලු රෝගය (දීලිර)
පත්‍ර රිකිලි හා ගෙඩි වල දුඹුරැපාට අක්ක්‍රමවත් හැඩති කබොලු ඇති වේ.
ස්පර්ශ කල විට ඒවා මතුපිටට නෙරා ඇති බව දැනෙයි. පත්‍ර හැලීයාම රිකිලි පසු මැරීම,
ගෙඩි විකෘති වීම සිදුවන අතර, ගස ඉතා දුර්වල වෙයි .
පලිබෝධ පාලනය
පැගිරි සමනලයා
දර්ශනිය සමනලයෙකි. ලපටි පත්‍ර ආහාරයට ගනී. මර්ධනය දළඹුවා විනාශ කිරීම හා කෘමිනාශක (ට්‍රයික්ලෝපෝන් හෝ
ඩයිමෙතොයිඩ්) යෙදීම කල හැක.
අස්වැන්න
හොදින් වැඩුණු නිරෝගී දොඩම් ගසකින් වසරකට ගෙඩි 300-400 ක් පමණ ලබාගත හැකිය. හොදින් මේරු දොඩම් ගෙඩි නෙලීම පිළිගත් ක්‍රම වේදයයි. කාමර උෂ්ණත්වයේ දින 5-6 ක් ද සති කිහිපයක් ගබඩා කිරීමට අවශ්‍ය නම් සෙ.ග්‍රේ. අංශක 10-12 යටත් සිසිල් කාමරවල ද ගබඩා කර ගත හැකිය.
0 comments:
Post a Comment