ඩ්‍රැගන් ෆ්රුට් වගාවට කෘෂි උපදෙස්

ඩ්‍රැගන් පෘට් - Dragon Fruit 

(Hylocereus undatus) 


වසරකට ගසකට යොදන මුළු පොහොර ප්‍රමාණය වසරක් පාසා ග්‍රෑම් 225 බැගින් වැඩි කරමින් කිලෝ ග්‍රෑම් 1 1/2 ක උපරිමයක් දක්වා පොහොර වැඩි කරන්න 


ජල සම්පාදනය 


හොඳ අස්වැන්නක් ලබා ගැනීමට වියලි කාලයේදී ජල සම්පාදනය වැදගත් වේ.

වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනය අවශ්‍යයි.


ගස් පුහුණු කිරිම 


මෙම ශාකය ආධාරකයක් උපකාරයෙන් ඉහලට යන නිසා පැලය ආසන්නයේ 5 - 6 ක් උස ලී හෝ කොන්ක්‍රීට් කණුවක් සිටුවිය යුතුය.

වැඩෙන කඳ කණුවට ගැට ගසමින් ශාකය ඉහලට වැඩීමට සැලැස්විය යුතුය.

ඉහලට වැඩෙන කඳෙන් හට ගන්න පාර්ශ්වික කඳන් සීමා කර ප්‍රධාන තැන් 2ක් 3ක් වැඩීමට ඉඩ දේ 


ආධාරකය මුදුනේ 2 පමණ අරය ඇති රවුම් කම්බි රාමුවක් සකසා ගත යුතු අතර කනුවට උඩින් වැඩි පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පඳුරක් ලැබෙන ලෙස පුහුණු කර ගත යුතුය.


මල් හට ගැනීම 


ඩ්‍රැගන් පෘට් මල් රාත්‍රියට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පැහැතිය.

ශ්‍රීලංකාවේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල්/මැයි සිට ආරම්භ වේ.

ඵල හට ගැනීම 


සිටුවා මාස 18කින් පලමු අස්වැන්න ලබාගත හැකිය.

මල් පොහොට්ටු හට ගෙන දින 40-50 පමණ නැතිනම් දින 30-35 දී ඵල මේරීම සිදුවේ.

ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුල දී 5-6 වතාවක් ඵල නෙලාගත හැකිවේ.

නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොල පාටය 

මේරිමත් සමඟ ඵලය රතු පැහැයට හැරේ.

රතු පැහැයට හැරී දින 4-5ක් ගිය පසු ඵල නෙලීම සුදුසුය.

අස්වැන්න 


අප රටේ අතර මැදි කලාපයේ දී ඵලයක බර ග්‍රෑම් 300-600ක් පමණ වේ.

වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 10,000 පමණ වේ.


දේශගුණික අවශ්‍යතා


ඩ්‍රැගන් පෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය,දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාව ඇත.

වගාවට වඩාත් උචිත වන්නේ 20-30c උෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපිය දේශගුණයකී.

වර්ෂාපතනය මිලිමීටර් 500-1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය.

පස හා ජලය 


හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යයි.

එසේම කාබනික ද්‍රව්‍යය සඳහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10%-30% පමණ තිබීම ඉතා හොඳය.


ප්‍රභේද 


හයිලොසෙරස් අන්ඩේටස්  - Hylocereus undatus).


මෙය විසිතුරු ශාකයක් ලෙස ද ජනප්‍රියයි.ඉදුණු ඵලය කිලෝ.ග්‍රෑම් 1ක් හෝ ඊට වැඩිය.ඵලයේ පොත්ත රතුපාටය.මදය සුදු පාට වන අතර විනිවිඳ පෙනේ.කඳේ කටු අඩුය.

හයිලොසෙරස් පොලිරයිසස් - Hylocereus Polyrhiyus)

මෙහි ඵලයේ බර කිලෝ ග්‍රෑම් 1 ක් පමණ වන අතර එහි පොත්ත රතු පාටය. මදය තද රතු පාටය, කඳේ කටු වැඩිය.

සෙලනිසෙරස් මෙගලන්තස් - (Selenicerus Megalanthus)


මෙහි ඉදුණු ඵලයේ පොත්ත කහ පාටය, මදය සුදු පාටය.

ඉහත විශේෂ තුනෙහිම ඵලයේ මදයෙහි විසුරුණු කුඩා කළු පාට ඇට ඇත.

රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම 


සිටු වීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවා ගත හැක.

 දඩු කැබලි පැල කිරිමෙන් - සාමාන්‍යයෙන් පැල නිපදවා ගන්නේ මෙම ක්‍රමයෙනි.

බීජ පැල - බීජ පැල කිරීමෙන් පැල නිපදවා ගැනීමයි.

තෝරා ගත් ඵල දරණ මව් ශාක වලින් දඩු ලබාගත යුතුය.

මේවා 15cm -20 cm පමණ දිග කැබලි වලට කපා බදුන් කිරීමට පෙර දින 1-2ක් වියලි ස්ථානයක ගබඩා කර තැබිය යුතුය.

වියලි ගොම 1 : මතුපිට පස් 1: වැලි : 2 මිශ්‍රණයෙන් බදුන් පුරවා දඩු කැබලි සිටුවා සමාන තෙත්මන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු කැබලි මුල් අද්දවා ගනු ලැබේ.

දඩු කැබලි වල අතු රිකිලි ද වඩිමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරිමෙන් අනතුරුව සිටුවීමට යොදා ගනි.

සිටුවීම


මුල් ඇද්දවූ දඩු කැබලි සිටුවිමට මීටර් 2x2 පරතරයට සෙමි 60x60x60 වලවල් කපා ගත යුතුය.

එම වලට කාබනික පොහොර කිලෝ.ග්‍රෑම් 10-15 ක් හා සුපර් පොස්පෙට් 100ක් සහිත මිශ්‍රණයකින් පුරවා දඩු සිටුවනු ලැබේ.

පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1-2 දමා ඉහත මිශ්‍රණයට අමතර වැලි ප්‍රමාණයක්ද කලවම් කර වල පුරවා ගන්න.

සකස් කරගත් වලකට ආධාරක කණුවට (කොන්ක්‍රීට්/ලී කණු) ඩ්‍රැගන් පෘට් පැල 4ක් බැගින් සිටුවිය හැක.

එහෙත් රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් නොතිබේ නම් එක වලකට සිටුවන පැල ගණන 1-3 ක් ලෙස යොදා ගත හැක.

අක්කරයකට අවශ්‍ය පැල ප්‍රමාණය 1000ක් වන අතර එක් ස්ථානයක පැල 4ක් සිටවු විට පැල 4000ක් අවශ්‍ය වේ.

පොහොර යෙදීම 


කාබනික පොහොර


වසරකට ගසකට කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩි කර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය වේ.

රසායනික පොහොර 


පැල සිටුවා මාසයකට පසු සෑම මාස හතරකට වරක් ගසකට පහත මිශ්‍රණය යොදන්න 


යූරියා - ග්‍රෑම් 72

සුපර් පොස්පෙට් - ග්‍රෑම් 88 } ග්‍රෑම් 200

මියුරේට් ඔෆ් පොටෑෂ් - ග්‍රෑම් 40


ඵල දරන ගස් වලට 


අඩු නයිට්‍රජන් ප්‍රමාණයක් හා වැඩි පොටෑෂ් ප්‍රමාණයක් යෙදීමෙන් උසස් අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

පොහොර යෙදීමේදී මල් පිපීමට ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ දී (ජූලි/අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) පහත මිශ්‍රණය වරකට ගසකට යොදන්න 

යූරියා - ග්‍රෑම් 50

සුපර් පොස්පේට් - ග්‍රෑම් 50 } ග්‍රෑම් 200

මියුරේට් ඔෆ් පොටෑෂ් - ග්‍රෑම් 100


ඔබට පැල ලබාගැනීමට අවශ්‍ය නම් මෙම ස්ථාන වලින් ලබාගත හැක.

අරලගංවිල පර්යේෂණ මධ්‍යස්ථානය 

027- 567 1054


වීරවිල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය 

047- 223 7021


මෙම ලිපිය ඔබට වැදගත් කියලා හිතුනා නම් ඔබගේ අදහස් යෝජනා දක්වන මෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි..

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement