අද අපි හදන්න යන්නේ පීසා එකක්. හැබැයි මේක ගොඩක් සරල පීසා එකක්. ඇත්තටම අපි මේක හදන්න යොදා ගන්නේ පාන්. පුදුමයි නේද ? ඔව් අද අපි හදන්නේ පාන් පීසා. හරිම සරලයි වගේම හරිම රසවත් කෑමක්. එහෙනම් වැඩි කතා නැතුව වැඩේ පටන් ගමුකො
අවශ්‍යය ද්‍රව්‍ය
පෙති කපා ගත් පාන්
සොසේජස් හෝ කුකුල් මස්
රවුම් හැඩයට කපා ගත් ළුණු හා මාළු මිරිස්
තක්කාලි සෝස්
මොසරැල්ල චීස්
සාදන ක්‍රමය
මුලින්ම පාන් පෙති කීපයක් සුදානම් කර ගෙන ඒවායේ වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න. දැන් මේ පාන් පෙති මත මුලින්ම තක්කලි සෝස් ටිකක් තවර ගන්න ඕනේ. ඊට පස්සේ තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් පැතලි පෙති ආකාරයට කපා ගෙන තක්කාලි සෝස් ගාපු පාන් පෙති මත අතුරන්න. ඔබ කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකකුත් මේ සමගම උඩින් අතුර ගන්න පුළුවන්.
දැන් අපිට ඕනේ මොසරැල්ල චීස්. සමහරවිට දැනටමත් ඔබේ ගෙදර මේ චීස් වර්ගය ඇති. දැන් මේ පාන් පෙති උඩින් අවසාන තට්ටුව විදියට මොසරැල්ල චීස් ටිකක් තවරලා සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.
ඔන්න අපි පාන් පීසා හදලා ඉවරයි. මේ පාන් පීසා වලට පොඩ්ඩෝ නම් ගොඩක් කැමති වේවි. කෑම කන්න හොර ඉස්කෝලේ යන පොඩ්ඩෝන්ගේ පාසල් ගෙන යන කෑම පෙට්ටියට එකතු කරන්න හොදම කෑම වර්ගයක් තමයි මේක.
අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් Comment එකක් දාලා මේ පොස්ට් එකට සහයෝගය දක්වන්න.
0 comments:
Post a Comment