how to make Prawn Curry-ඉස්සෝ කරියක් රසට හදමු.

ඉස්සො කියන්නෙ ගොඩාක් රස කෑමක්. තරමක් උෂ්ණ වුණත් ලොව අංක එකේ කෑමක් හැටියට තමයි ඉස්සො සැලකෙන්නේ. ඔබ තරු 5හේ හෝටලයකට ගියත් ඔවුන් ඉස්සො කරියට නැත්නම් බැදුමට මුල් තැනක් දෙනවා. චීනයේ නම් ඉස්සො බැදුම තමයි ගොඩාක් ප්‍රසිද්ධ. චීනයේ ඉස්සො බැදුමත් ගොඩාක් රසයි. නමුත් අපි අද මේ ලිපියෙන් විස්තර කරන්නේ ලංකාවේ ක්‍රමයට සුපිරි ඉස්සො කරියක් ගෙදර හදාගන්න විධියයි. මේ රෙසපිය ඔබ බලන්නකො. වෙනස ඔබට හොඳට වැටහෙයි.

ඉස්සො හොද්ද එක්ක විතරක් වුණත් පාන් රාත්තලක් නැත්තම් බත් පිඟානක්ම හරි ඉදි ආප්ප මුල් දෙක තුනක්ම වුනත් කන්න පුළුවන්නෙ. හරි අපි බලමු මේ සුපිරි කරියට ඔබට අවශ්‍යවෙන්නෙ මොනාද කියලා!
  •  ලොකු හෝ පොඩි ඉස්සො ඔබ කැමති ප්‍රමාණයේ රාත්තලක්.
  • ලුණු තේ හැඳි කාලක්.                                                                                            
  •  බැදපු කරි තුන පහ කුඩු තේ හැඳි කාලක් ( මාළු තුනපහ දැම්මත් කමක් නෑ ). මේ කුළුබඩු වලින් තමයි ඔබ ඉස්සො ටික පදම් කරගන්න ඕනෙ.
  •  පොල් තෙල් මේස හැඳි 3ක්.
  • සුදු ලූනු ගෙඩි 4-5ක්.
  • අඟලක පමණ ඉඟුරු කෑලක් පොඩි කරගන්න.
  • බැදපු නැති තුන පහ කුඩු මේස හැන්ඳක්.
  • බී ලූනු ගෙඩියක්.
  • අඹරාගත් මහදුරු මේස හැඳි භාගයක්.
  • රට ගම්මිරිස් මේස හැඳි භාගයක්.
  • මිරිස් කුඩු මේස හැඳි භාගයක්.
  • ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක්.
  • කරපිංච කොළ 10-12ක්.
  • රම්පෙ කොළ කෑලි 3ක්.
  • උකු පොල් කිරි කෝප්ප භාගයක්.
  • වතුර කෝප්ප 2/3ක්.
  • රතු අමු මිරිස් කරල් 3-4ක්.
  • ලෙමන් යුෂ හෝ දෙහි මේස හැඳි 2ක්.
  • කැමති නම් සීනි මේස හැඳි භාගයක්.
  • ( වට පිටාවේ හරි වෙළදපොලෙන් හරි ඔයාට මුරුංගා කොළ ටිකක් ගන්න පුළුවන් නම්, එකත් එකතු කරගන්න. )
හරි දැන් අපි බලමු කරිය හදාගන්න විදිය /how to make the prawns / shrimp curry ?

1) හොඳින් හිස ඉවත්කළ පිරිසිදු කරගත් ඉස්සො භාජනයකට දාන්න ( පහත තියෙන වීඩියෝ එකේ විදියටත් ඉස්සෝ ටික සුද්ද කරගන්න පුළුවන් )
ලුණු හා බැදපු තුන පහ කුඩු කලින් සඳහන් කළ ප්‍රමාණ වලින් දමා හොඳින් අත ගා පදම් වෙන්න තියන්න.

2) ඔබේ භාජනය ලිපේ තියන්න. රත් වුණු පසුව පොල් තෙල් මෙස හැඳි 3න එකතුකරන්න. තුනපහ කුඩු, මහදුරු, රට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, රම්පෙ, කරපිංච කොළ, සුදු ලූනු, හා අඹරාගත් ඉඟුරු එකතුකර මිනිත්තු 5ක් පමණ හොඳින් කලවම් කරමින් බැදෙන්න තියන්න.

3) දැන් තමයි පොල් කිරි හා වතුර කෝප්ප 1/3ක් එකතු කරන්න හරි වේලාව. අමු රතු මිරිස් කරල් ටික, ලෙමන්/දෙහි යුෂ, හා සීනි එකතු කර තැම්බෙන්න හරින්න. මිනිත්තු 5-10 පමණ හොද්ද තැම්බීගෙන එන විට තමයි ඔබ පදම් වීමට තිබූ ඉස්සො ටික එකතු කරන්න ඕනේ. ඉස්සො දැම්මට පස්සෙ තවත් වතුර කෝප්ප කාලක් එකතු කරන්න. එතකොට තමයි ඉස්සො ටික හොඳින් තැම්බෙන්නෙ.

4) සාමාන්‍යයෙන් මිනිත්තු 10-15ක් යනකොට ඉස්සො තැම්බෙනවා. ඔබ හොද්ද උකුවටද නැත්තම් තුනියටද කැමති? ඒ අනුව ඔබට පොල් කිරි ටිකක් වැඩියෙන් එකතු කරන්න පුළුවන්.

5) ලිපෙන් බාගෙන මිනිත්තු 10ක් විතර තියෙන්න හරින්න. ඔබ කැමති නම් ඉස්සො කරියට උඩින් කොත්තමල්ලි කොළ ටිකක් ඉහින්නත් පුළුවන්. ඔන්න දැන් ඉස්සො කරිය ලෑස්තියි. බත් නැත්තම් පාන් එක්ක වුණත් මේ සුපිරි ඉස්සො කරිය ඔබට රස විඳින්න පුළුවන්.

ඔබට තව වැදගත් වෙන උපදෙස් කීපයක් /

Useful Tips
1) ඉස්සො තෙරාගැනීමේදී නැවුම් ලොකු ඉස්සො තෝරගන්න ( Tiger Prawns වගේ ලොකු ඉස්සෝ ගන්න පුළුවන් නම් නියමයි  ). නැවුම් ඉස්සන් තමයි කරිය හැදුවම ගොඩාක් රස. සීමාව ඉක්මවා ගොඩාක් පොඩි ඉස්සන් ගන්නත් එපා. ඉස්සො ලොකුවෙන තරමට වැඩියෙන් මස තියෙනවා. කැමති නම් ඔබට ඉස්සන්ගේ ඔළුව තියන්නත් පුළුවන්. හැබැයි එතකොට ඉස්සො සුද්ද කරන්න අමාරුවෙනවා.

2) ලුණු හා තුනපහ කුඩු දාල ඉස්සො අතගාල තියෙන වේලාව වැඩිවෙන තරමට ඉස්සන් ඇතුළට රසය යනවා. ඉතින් මේ පියවර මගහරින්න එපා. ඔබ මේ පියවර අතහැරියොත් කරිය රස වුණත් ඉස්සො රස වෙන එකක් නෑ. ඔබේ කැමත්ත පරිදි සැර අඩු වැඩි කරගන්න පුළුවන්. වැඩිපුර ලුණු එකතු කිරීමෙන් ඉස්සන්ගේ ස්හාවික රසය ඉස්මතු නොවෙන්න පුළුවන්.

3) ඔබට අවශ්‍යවෙන ප්‍රමාණය අනුව ගන්න ඉස්සො ප්‍රමාණය වැඩිකරන්න. ඊට ගැලපෙන ලෙස කුළුබඩු ආදියේ ප්‍රමාණයත් වැඩිකරන්න. මැටි බඳුනක හැදුවොත් තවත් ඉස්සො කරිය රසවෙනවා.

4) මේකනන් කියන්නේ පොදුවේ. ඕනෑම දෙයක් හදද්දී ලුණු එහෙම අඩුවෙන් වැටුනට එච්චර ගැටළුවක් නෑ. මොකද නැවත පොඩ්ඩ පොඩ්ඩ ලුණු එකතුකරලා පදම ගන්න පුළුවන්. හැබැයි කිසිවෙලාවක ලුණු වැඩි කරගන්න නම් එපා.

5) ඕනෑම කෑමක් උයන ක්‍රම බොහෝමයක් තියෙනවා ! ඒක නිසා ඔහොම නෙමෙයි මෙහෙමයි කරන්නේ, අරක මේක කියන අයට ඕන විදියට නැතුව ඔයා කැමති ක්‍රමේකට පුරුදුවෙන්න. 
අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් Comment එකක් දාලා මේ පොස්ට් එකට සහයෝගය දක්වන්න.
Share:

Related Posts:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement