තේ මේසයට කදිම රස කැවිල්ලක් හදන හැටි කියන්නයි අද මම යන්නෙ. බලන්නකො මොනවද කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
තල 225g
සීනි 450g
රෝස් එසන්ස් තේ හැඳි 1/2ක්
බටර් මේස හැඳි 1ක්
වතුර කෝප්ප 3/4ක් පමණ
සාදා ගන්නා ආක්කරය
බඳුනක් ගෙන එයට සීනි සහ වතුර දමා උකු වන තුරු හැඳිගාමින් උණු කරගන්න.එයටම තල එකතු කර ඝන මිශ්‍රණයක් ලෙස සකස් වූ පසුව බටර් සහ රෝස් එසන්ස් එකතු කරන්න. ටික වේලාවක් ලිප තබා ලිප නිවා මිශ්‍රණය තරමක් නිවුනට පස්සෙ අතින් ගුලි ගසා ගන්න.
අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් Comment එකක් දාලා මේ පොස්ට් එකට සහයෝගය දක්වන්න.
0 comments:
Post a Comment