Peni Appa-පැනි ආප්ප හදමු.

කඩෙන් ගන්න පැණි ආප්ප ගොඩක් වෙලාවට වියළි බවින් යුක්තයි. මේ බව ඔයාලත් අත් විදලා ඇති. මේ නිසාම පැණි ආප්ප ටිකක් ගෙදරදීම පිරිසිදුවට රසට හදා ගන්න පුළුවන් කොච්චර ශෝක්ද නේද ? එහෙනම් මෙන්න රස වෑහෙන පැණි ආප්ප කෑම වට්ටෝරුවක්. හදලා බලන්නකෝ

අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් 350g
පොල් කිරි
රස අනුව පැණි
ඊස්ට් තේ හැදි 1
ආප්ප සෝඩා තේ හැදි 1/4
බිත්තර 4
ලුණු ස්වල්පයක්

සාදන අයුරු

මේක හෙට හදන්න ඉන්නවා නම් අද කරන්න වැඩක් තියෙනවා. ඒ තමයි කැකුළු සහල් ටික හෝදලා රැයක් පෙඟෙන්නට තබන එක. පසුදින හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා හාල් වැසෙන ප්‍රමාණයට පොල් කිරි දමා රස අනුව ලුණු සහ ඊස්ට් එකතුකර හොදින් බ්ලෙන්ඩර් කරගන්න.

දැන් එය වෙනත් භාජනයකට පෙරනයකින් පෙරා ගන්න. පිටි මිශ්‍රණය උකු ගතියෙන් වැඩිනම් තවත් පොල් කිරි ටිකක් දමා කලවම් කරන්න. දැන් මෙය පැය 4ක් පමණ පිපෙන්න තබන්න. හොදින් වසා තබන්න.

පැය 4කට පසුව බිත්තරද එම මිශ්‍රණයට එකතු කරගන්න. රස අනුව පැණි ද ආප්ප සෝඩා ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාමාන්‍යයෙන් ආප්ප උයාගන්න ආකාරයට මිශ්‍රණය ආප්ප තාච්චියට දමා තාච්චියේදීම ආප්පය බෑමට පෙර ආප්පය මැදට හකුරු හෝ පැණි ස්වල්පයක් දමා ආප්පය දෙකට නමාගන්න.

පැණි වෙනුවට කුඩු කරගත් හකුරු හෝ සීනි ද යොදා ගත හැක. තද දුඹුරු පාටට අවශ්‍ය නම් සීනි කැරමල් ටිකක් එක්කර ගත හැකියි. මෙය තේ වේලාවට රසකැවිල්ලක් ලෙස හා රසවත් උදෑසන ආහාරයක් ලෙසත් පිළියෙළ කර ගත හැකියි.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් උනා නම් Comment එකක් දාලා මේ පොස්ට් එකට ප්‍රතිචාර දක්වන්න.
Share:

Related Posts:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement