ඉඹුල් කිරිබත් දැන් ගෙවල් වල හැදෙනව ටිකක අඩුයි වගේ. ඒ නිසාම හිතුව අද ඉඹුල් කිරිබත් හදන්න කියල දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් 1 kg
පොල් ගෙඩියක කිරි
ගා ගත් පොල් බෑයක පොල්
සීනි මේස හැඳි 4ක්
තලාගත් කරදමුංගු ඇට කිහිපයක්
ලුණු
සාදා ගන්නා ආකාරය
මුලින්ම ඔයා සාමාන්‍යයෙන් හදන විදිහට කිරි බත් හදා ගන්න. ඉන්පස්සෙ අපි පැණි පොල් එක හදාගන්න ඕන. බඳුනක් ලිප තබා සීනි ටික දියවීගෙන යනවිට එයට වතුර මේස හැඳි 3ක් පමණ එකතුකර සීනි ටික උණුවෙන්න හරින්න. ඉන්පස්සෙ ඒකට්ම පොල් ටිකත් දාල හොඳින් කලවම්කර ඒත් එක්කම කරදමුංගු ටිකත් එකතුකර ලිප නිවාගන්න.
දැන් ඔයා හදාගත්ත කිරිබත් ටිකක් ලන්ච් ශීට් එකකට දාල තුනී කරගන්න. ( ලන්ච් ශීට් වෙනුවට කෙසෙල් කොලයක් උනත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්) දැන් මේක මැදට අපි හදාගත්ත පැණි පොල් එකෙන් ටිකක් දාලා ගුලියක් වගේ හදා ගන්න. ඔය විදිහට ඔක්කොම ඉඹුල් කිරිබත් හදාගන්න.
අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් Comment එකක් දාලා මේ පොස්ට් එකට සහයෝගය දක්වන්න.
0 comments:
Post a Comment