අවශ්‍ය දෑ
- පිටි සහිත හොද ලොකු කොස් ඇට 25
- ලියාගත් රතුඵණු මේස හැදි 3
- ලියාගත් අමුමිරිස් කරල් 2
- උම්බලකඩ කැබලි මේස හැදි 4
- කරපිංචා
- ලුණු ස්වල්පයක්
- කහ
- තුනපහ
- මිරිස් කුඩු
- පොල්කිරි කෝප්ප 1
- උඵහාල් ස්වල්පයක්
- බැද අඹරාගත් හාල් පොල්- සෝදා වේලා ගත් කැකුඵ හාල් මේස හැදි 1 1/2 හා ගා ගත් පොල් මේස හැදි 1 1/2 ගෙන හොදින් බැද අඹරාගන්න.
- සාදන ආකාරය
මැටි වලදක් භාවිතා කරන්න.
කොස් ඇටය වෙන් වී නොයන සේ තලා පොතු පිටින්ම වලදකට දමන්න.
ඉන්පසු ලුණු හා අනෙක් කලමනා හා තැම්බෙන ප්‍රමාණයට වතුර දමා තම්බා ගන්න.
තැම්බුනු පසු කිරි හා බැදගත් හාල් පොල් එක්කර නටන විට ලිපෙන් බා ගන්න.
0 comments:
Post a Comment