How to Make wambatu Moju-වම්බටු මෝජු

අවශ්‍ය දෑ
  • වම්බටු 500-750g තීරු කපා ලුණු හා කහ මිශ්‍ර වතු‍රේ දමන්න
  • රතුලූණු ගෙඩි පිටින් හෝ බී ලූණු  තිරු කපා 200g
  • අමුමිරිස් කරල් පිටින් 100 g
  • අඹරාගත් කහ අබ විනාකිරි උවමනා පමණට
  • ලුණු
  • උම්බලකඩ කැබලි 100g
සාදන ආකාරය
 තීරු කපා කහ හා ලුණු වතුරේ දමාගත් වම්බටු ගැඹුරු තෙලේ බැදගන්න.පසෙකින් තබා ගන්න.
සැලකිය යුතුයි-වම්බටු මිරිකා හොදින් වතුර හැර බැදගන්න.
ලූණු හා අමුමිරිස්ද වෙන වෙනම බැදගන්න.
ඉන්පසු ඇතිලියක් ලිප තබා විනාකිරි ලුණු කහ උමිබලකඩ අබ ආදිය දමා එයට බැදගත් ලූණූ අමුමිරිස් බටු ටික දමන්න.
විනාඩි 5ක් පමණ මද ගින්නේ තබා බා ගන්න.
අවශ්‍ය නම් සෑදීමේදී සීනි ස්වල්පයක් දමා ගන්න.
සුළං නොවදින සේ වතුර නොගෑවෙන සේ පාවිච්චියට ගන්න.බදුනෙන් එළියට ගැනීමට වෙනම ප්ලාස්ටික් හැන්දක් තබා ගන්න.
Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement