හදවත ගැන ඔබ නොදන්නා කරුණු කිහිපයක්



01. දිනකට මිනිස් හදවතකින් නිපදවන ශක්තිය ට්‍රක් රථයක් සැතපුම් 20ක් ධාවනය කිරීමට අවශ්‍ය ශක්තියට සමානය.


02. සාමාන්‍ය වශයෙන් මිනිසෙකුගේ ජීවිත කාලය තුළ හදවතින් පම්ප කරන රුධිරය බැරල් මිලියන ‍1.5ක් පමණ වෙනවා.


03. නිල් තල්මසකුගේ හදවත රාත්තල් 1500ක් බරින් යුක්තයි.


04. 1967 දෙසැම්බර් 03 වන දින දකුණු අප්‍රිකාවේ වෛද්‍ය වරයෙකු වන ක්‍රිස්ටියන් බර්නාර්ඩ් විසින් සාර්ථක ලෙස හදවතක් බද්ධ කරන ලදි. එහෙත් අදාල පුද්ගලයා ජීවත් වූයේ දින 18ක් පමණි.


05. විනාඩියකට 72 වාරයක් ස්පන්දනය වන හදවත දිනකට 100000 වාරයක් ස්පන්දනය වන අතර එය වසරකට 3598000 පමණවේ.


06. සිනහවන විට හදවතේ ක්‍රියාකාරිත්වය 20% කින් ඉහළ යන අතර රුධිර නාලිකා ලිහිල් වී සිරුරේ රුධිර ගමනය විදිමත්ව සිදුවේ.


07. පිරිමි හදවතක් අවුන්ස 10ක් පමණ බර අතර ගැහැණු හදවතක් අවුස්ස 8ක් බර වේ. මේ අතරින් වැඩි ක්‍රියාකාරිත්වයක් සහ අඩු අවධානමක් ඇත්තේ කාන්තා හදවත් වලයි.


08. ස්වීඩනයේ සිදුකළ සමීක්ෂණයකට අනුව සමූහ ගීතිකා ගායනා කරන අතරතුර හදවත එම රිද්මයට අනුකූලව ස්පන්දනය වන බව සොයාගෙන ඇත.


09. ගැබ්ගෙන සති 4කින් හදවතේ පළමු සෛලය ස්පන්දනය වීමට ආරම්භ වේ.


10. සිරුරේ ඇති සෛල ට්‍රිලියන 75කට හදවතින් රුධිරය පම්ප කෙරේ.


Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement