Kohila කොහිල වගාවට කෘෂි උපදෙස්

එදා සෑම ගැමි ගෙදරකම පාහේ කටු කොහිළ කොටුවක් විය. ගෙවත්තේ හොඳීන් දියසීරාව ඇති බිම් කොටසක හෝ ගෙදරට වතුර ගන්නා ළිඳ ලඟ හෝ කුඹුරට හෝ කමතට කිට්ටුවෙන් මේ කොහිල කොටුව ඉදිකර ගන්නට එකල ගැමියා උනන්දු විය. එළවළු කල් තබා ගැනීමට අපි ශිතකරණයේ බහලනවා. නමුත් ශිතකරණයක් නැතිවම කොහිල වසර පුරම පලදාව ලබාගත හැකි එළවළුවක් නිසාම එමගින් ආර්ථිකව ලද හැකි ප‍්‍රතිලාබද වැඩිය. අද වුවද ගම්බදව ඉඩකඩම් ඇති නිවෙස්වල කොහිල වලක් හෝ කොටුවක් දකින්නට හැකිය. කොහිල අල සහ අජීර්ණ රෝග සහ බඩේ අමාරු රැසකට බෙහෙවින් ෙඖෂධීය ගුණයන් ගෙන්යුත් වන නිසා කොහිල ජනපි‍්‍රය ආහාරයක් මෙන්ම ඖෂධයක් ද වෙයි. කොහිල අල මාළුව විවිධ සූපවේදීය අනුව ඉතා රසවත් ලෙස සකසා ගත හැකිය. ඔබගේ ගෙවත්තේත් පුංචි කොහිල වලක් සාදාගත හොත් වසර පුරාම ආහාරයට ගැනීමට එළවළු දෙවර්ගයක්ම ඔබට ඉතා පහසුවෙන් ලබා ගත හැකි වේවි.  බලන්න ඔබටත් ගෙවත්තේ කොහිල වලක් සාදා වගා කර ගන්නට හැකියාවක් ඇද්ද කියලා මේ සඳහා ඕනෑ කරන්නේ ජලාශ‍්‍රයක් ඇති අඩි 3  ය 5 ප‍්‍රමාණයක හෝ ඊට සමාන බිම් ප‍්‍රමාණයකි. අඩි 3 පමණ ගැඹුරට මේ වල හාරගත යුතු අතර ඔබගේ ගෙවත්තෙහි පස මැටි සහිත පසක් නොවන්නේ නම් මඩ, රොන්මඩ හෝ මැටි සහිත පසක් පිටතින් ගෙනනැවිත් එම වළේ අඩියේ ඇති පස් ඉවත්කර එතුළට දමා සැහෙන පමණ ජලය එකතු කර ගනිමින් තවත් හොඳීන් මඩකර ගන්න. වලක මැටි පාගන ආකාරයට මෙහි අඩිය දෙපෙයින් පාගා මඩ කර ගත හැකියි. ඔබට වතුර සැපයීමට අපහසුවක් නොමැති නම් මේ කොහිල වගාව ගෙවත්තේ ඕනෑම කඳු මුදුනක, පැතලි බිමක හෝ කරගෙන යන්නට ද අපහසු නැත.


මේ සදහා බිමක් තෝරා ගැනමේදී ගෙදර ළිඳට ආසන්නයෙන් හෝ නාන කාමරය පිටුපස හෝ මේ සඳහා ඉතා සුදුසුයි. ඔබට ජල නල පහසුකම් ඇත්නම් නලයක් මගින් වතුර සැපයීමෙන් හෝ මේ කාරිය පටන් ගන්නට බැරි නැත. මේ සඳහා තෝරා ගන්නා බිම, තරමක් දුරට හෝ ගස් කොළන් වලින් තොර සෘජු ලෙස හිරු එළිය වැවෙන තැනක් නම් වගාව සරුවට කරගෙන යා හැකියි. ගෙවත්තේ එකතු වන වියළි දිරා ගිය කුණු රොඩු ආදිය කොහිලවල සකසා ගැනීමේදී මඩට එකතු කර ගැනීමටත් ඔබට පුළුවනි. එවිට නිතර ඔබ සෝදිසියෙන් සිටිය යුතු වන්නේ එහි නිතර තිබිය යුතු තෙතමනය ගැන පමණයි. ඔබේ ගෙවත්තේ භාවිතයෙන් තොරව දිරායමින් පවතින සිමෙන්ති ටැංකියක් වුවද මඩ සහ ජලය එකතු කර ගැනීමෙන් කොහිල වගාක් බවට පත්කර ගන්නටත් පුළුවන්. කොහිල අල කැබලි 4 – 5 පමණ මෙහි සිටුවා ගැනීමට ඔබ විසින් තෝරා ගත යුතු වෙනවා. ඒවා ඔබට ලබාගත හැක්කේ කොහිල කොටුවකින්මයි. කොහිල අලය සමග රිකිල්ල කපා පහතම කොළ කීපය ඉවත්කර මඩෙහි සිටුවා ගන්න. වතුර දමනවා නම් බුරුල් පසෙහි වුවද සරුවට වැඩේ. කොහිල රිකිලි වලේ සිටුවා වියළි පස් ටිකක් දමා තදකර තබන්න. සතියක් දෙකක් යන විට මුල් ඇදගත් කොහිල රිකිලි දළුලා වැඩෙන හැටි ඔබට දැකගත හැකවේවි.


කොහිල මල් මාළුව කොහිල දළු මාළුව වගේම කොහිල අල මාළුවද රසවත් ආරයකි. ළපටි කොහිල අල සිහින්ව ලියා අමුවෙන් සාදනු ලබන කොහිල අල සම්බෝලය ද අද ජනපි‍්‍රය ආහාරයකි.ලොකු කොහිල අල ලුණු ඇඹුල් යොදා තම්බාගෙන සිහින් කොටුවලට කපා රතුළුණු අමුමිරිස් ලියා දමා ගම්මිරිස් ලියා දමා ගම්මිරිස් කුඩු ලුණු කුඩු උම්බලකඩ කුඩු එකතු කර සාදා ගන්නා සලාදය අද තරුපහේ හෝටලවල පවා ජනපි‍්‍රය කෑමක්. කොහිල අල වලටත් දළුවලටත් මල් වලටත් අද වෙළෙඳ පොලේ හොඳ ඉල්ලුමක් ඇත. කොහිල අල ග්රුම් 500 ක් රුපියල් 75 – 150 තරම් මුදලකට අද නගරයේ අලෙවි කළ හැකියි. කොහිල මල් සහ දළු මිටියක් රුපියල් 50 - 100 තරම් වෙයි. බොහෝ විට කොහිල මල් ද ආහාරයට ගනු ලබන්නේ කොහිල දළු සමග වීම නිසා මල් ද විකණනු ලබන්නේ දළු සමගිනි.

Share:

0 comments:

< >

Search This Post

Web Archive

Contact

Mobile : 077-399 72 33
Email : info.lakarana@gmail.com

Advertisement